සිහින සිත්තම් 7

161 21 4
                                    

නිමනාදීගේ මුහුන වහින්නට ලං වූ අහසක් මෙනි.. නිම්නාදී නිවසට ඇතුල් වුයේ කදුලු ගංගාවක් සමගය..
"නිම්නාදී. මොකද ලමයො මේ...?"
වත්සලා ඇසුවේ පුදුමයෙනි. ඇය කවදවත් නිම්නාදී මේ ලෙස හැසිරෙනු දැක නැත..
"හැමදෙම නැති වුනා අම්මා..."
නිම්නාදී හැඩුවා නොව බෙරිහන් දුන්නාය.
ඒ සද්දේට හිමදිත් පියාත් පැමිනියා.
"මොකද නිම්නාදී? මොකද්ද මේ නාඩගම...?"
"අනේ තාත්තේ ලොකු වැරද්දක් වෙලා.."
නිම්නාදි පපුවට ගසා ගනිමින් කෑ ගැසුවාය. හිමදි වහා නිම්නාද්ව අල්ලා ගත්තා.
" මොකද්ද නංගි වුනේ?"
"අනේ අක්කා මගෙන් පන්සිලුව උදුර ගන්න එපා..."
හිමදිට වැදගෙන නිම්නාදි කෑ ගසන්නට විය.
"මොනද නිම්නදී මේ කියන විකර.. තේරෙන්න කියනවා තාත්තාව කේන්ති නොකර.." වත්සලා ඉස්සර විය.. හිමදි  නිම්නාදිට වතුර විදුරුවක් දුන්නා.
"මේක බීලා ඉන්න නංගි. ඊට පස්සේ කියන්නකෝ."
නිම්නාදිට හිමදී ගැන දුක නොසිතුනාම නොවෙ. ඇය එක හුස්මට වතුර එක හිස් කලා. කදුලු පිසදා ගත් නිම්නදි පියා දෙසට හැරුනා...

"තාත්තේ අක්කා බලන්න ආපු මනමාලයා පන්සිලු... රවීන් පන්සිලු වනිගරත්න..."
හිමදිගේ හදවතේ අකුනු දාහක් කෙටුවා. හිමදි නික්ම්ම පස්සට විසිවුනා. වත්සලාගෙ ඇස් පුදුමයෙන් විශාල වුනා.
"මොනද මේ කියන්නේ නිම්නාදී?"
"අම්මේ පන්සිලු මට හොරෙන් මාව පුදුම කරවන්න තමයි ගෙදරට යෝජනා කරලා තියෙන්නේ. ඔයාලයි ඒ ගෙදර අයයි තාම මේක අක්කට කියලා හිතලා තියෙන්නේ. නැත්තම් ඒක අවේ මට.."
නිම්නදී කටේ දිවේ නොගෑවී බොරුවක් පැවසුවා... හිමදී කදුලු වාවගෙන් හිටියෙ අපහසුවෙන්. ඇයි ඔයා මට මෙච්චර ආදරේ කලේ එහෙනම්. හිමදී තම්න්ගෙන්ම ඇහුවා.
"මොනද මේ විකර නිම්නාදී.. ?"
වත්සලාට හිතා ගන්න බෑ. අවසනයේ පාලීත තීරනයක් ගත්තා.
"අපි වනිගරත්නලට මෙක කියමු වත්සලා. ඊට පස්සෙ බලමු."
"එත් පාලිත අක්ක බලන්න අපූ මනමාලයට නංගිව දෙන්නද කියන්නේ" වත්සලා හිමදි ගැන දුක් වුනා.
"මාව බලන්න අපු මනමාලයට අම්මේ ඔයලා අක්කව පෙන්නලා තියෙන්නේ..."
"කට වහගන්නවා නිම්නාදි.." පාලිත කෑගසුවා.
"වත්සලා අපි වනිගරත්නලට කතා කරමු. අපි දෙන්නගෙන් කවවත් ඒ පවුලට දෙන්නේ නෑ.."
"අනේ මගේ ආදරේ" නිම්නදි වැලපෙන්නට විය.
" තාත්තා , එයලා එක්ක කතා කරලා නංගිගේ කසාදේ කරන්න තාත්තා. ඒක ප්‍රශ්නයක් නෑ.. පොඩි කාලයයි ගියේ. මෙ අවුල ලිහාගමු තාත්තා" හිතේ සියලුම ශක්තිය එකතු කර සන්සුන් වූ හිමදී හදවතින් වැලපෙමින් පැවසුවා...
වත්සල සහ පාලිත තම වැඩිමහල්
දියනිය දෙස බැලුවේ දුකින්...

සිහින සිත්තම් Where stories live. Discover now