සිහින සිත්තම් 10

256 28 22
                                    

පාලිත ඉස්තෝප්පුවේ සිට මේ කතාව අහගෙන. පාලිතට තමන්ගේ කන් අදහා ගන්න බැරි වුනා.. මේ දරුවා ආදරේ කරන්නේ හිමදිටද... නමුත් නිම්නාදී කියුව දෙවල්.. වත්සලා කියුවා වගේ නිම්නාදී කියපු පලියට මෙවා විස්වස නොකර ඉන්න තිබුනේ..
පලිත කල්පනා කලා. ඇත්තටම සිදු වූ දේ පලිතට සිතා ගත නොහැකි වුනා.. පාලිත තමන්ට ඇසුන දේ ගැන වත්සලා සමග පවසන්න සිතුවා..
"ඒකනේ පාලිත මම කියුවේ.. නිම්නාදිගේ හොරයක් තියෙනවා කියලා. අනිත් එක ඒ ලමයා හිමදි එක්ක කොච්චර සතුටෙන්ද හිටියේ කියල මම දන්නවා.."
" මොකද්ද වත්සලා මේ හතර බීරි කතාව"
" ඒ දරුවා හිමදිව හම්බෙන්න ඔෆිස් එකට ආවා ගියා. ඉරිදට ඇවිදින්න ගියා. පන්සල් ගියා. තෑගී අරගේන දුන්නා. ඒ එකක්වත් නිම්නාදී එකක නෑනේ. අනිත් එක දැන් මෙහෙ එන්නෙත් නෑ. ආවත් නිම්නාදී රංඩු කරගෙන යන්න යනවා"
"අපිට කොතනක හරි වැරදුන වත්සලා"
"මට හිතෙන්නෙම එ ලමයා ආදරේ හිමදිට."
"අපි හිමදිගෙන් අහමු. එයා මොනා හරි දෙයක් දන්නවා.."
මවගේ සහ පියගේ බලකිරීම හමුවේ මුනිවත රකින්න තව දුටරත් හිමදිට නොහැකි වුනා. පන්සිලු පසුව පවසු සියල්ල ඇය ඔවුන් හමුවේ පැවසුවා.
අවසානයේ තිදෙනම හමුවී කතා බස් කල යුතු බව පලිත තීරනය කලා. ඒ අනුව පසුදින සවස පන්සිලුට නිවසට එන මෙන් ආරධනා කලා..
**********************************
"කොහොමද පුතේ?"
"හොදයි අම්මේ."
"අහ් මේක බොන්නකො." වත්සලා පැවසුවේ නිම්නාදී ගෙනා තේ බන්දෙසියෙන් තේක පන්සිලු අතට දෙන ගමන්..
" අම්මේ ඇයි මාව හම්බෙන්න ඕනි කියුවේ"
"වත්සලා හිමදිටත් කතා කලා නම්"
මේ වෙලවේ නම් පන්සිලුට මෙන්ම නිම්නාදිටත් අමුත්තක් දැනුනා. හිමදි දිහා බලන්න බැරිව වගේ පන්සිලු හිස පාත් කරගෙන සිටියා. වත්සලා පසු පස පැමිනි හිමදි වත්සල අසන්නයෙනම සිට ගත්තා.
" මම කෙලින්ම කතාවට එන්නම්කො දරුවනේ. මට පේනවා ඔය ලමයි දෙන්නා අතරේ ඒ තරම් හොද බැදීමක් නෑ කියලා. එ වගෙම හිමදි එක්ක ඔය ලමයා සතුටින් හිටියා කියලත් මට පෙනුනා. මට මේ අවුල ලෙහගන්න ඕනි දරුවනේ.."
"ඔයලා හිතන තරම් දෙයක් මෙතන නෑ තාත්තා."
"කට වහනවා නිම්නදී.. මම කතා කලේ තමුනට නෙමෙයි."
"මගෙන් වරදක් වුනා තාත්තා. මම ඒ හැමදෙම හිමදිට කියුවා.."
" මොකක්? පන්සිලු තමුසේ කියන්නෙ මෙ හැමදෙම වෙලත් තමුසේ අක්කා පස්සේන් ගියා කියලාද අහ්?"
"නිම්නාදි තමුන්ගේ වචන පරිස්සම් කරගන්නවා. මට ඇත්ත කියන්න පන්සිලු පුතා" පලිත්ට නිම්නාදිගේ වචන ගැන තිබුනේ .
"අපි හිමදිගෙන දැන ගත්ත දෙවල් ඇත්තද පුතා"
දැන් නම් සියල්ල මවත් පියත් දැන ගෙනම තමයි කියලා නිම්නාදිට සිතුනේ. ඇයට තම අක්කා ගැන නිම් හිම් නැති කේන්තියකි ඇත්තේ.
"අක්කා තමුසෙට ඕනි මාව නැති කරන්නද" පවසමින් නිම්නාදි හිමදිව ඉතා වේගයෙන් තල්ලු කලා. පිටුපසට තල්ලු වී ගිය හිමදිගෙ හිස බිත්තියේ වැදී සිහසුන් වුනා..
" අනේ තාත්තේ කාර් එක ගන්න කියමින් පන්සිලු හිමදිව වඩාගත්තා. අමරුවෙන් හිත පලනය කරගත් පාලිත පුද්ගලික රෝහල වෙත හිමදිව ගෙන ගියා.
***********************************
හිමදිට සිහිය අවේ දවස් දෙකට පසුවයි. හිමදී අපහසුවෙන් ඇස් හරින විට පන්සිලු තම ඇද ලග.
හිමදිට සිදු වූ අනතුරෙන් පස්සේ පන්සිලු පිස්සෙක් වුනා. කටවත් අහුම්කන් නොදුන් පන්සිලු හිමදි ලගම සිටියා. පන්සිලුගේ ක්‍රියා හමුවේ නිම්නාදිව සන්සුන් කරගන්න අපහසු නිසා නිම්නාදිව රෝහලට එක්කගෙන එන්න පාලිත කැමති වුනේ නෑ.
"රවී"
"ඔයාගේ රවී තමයි මැනික.."
"මට සමවෙන්න. මේ අත්මේ ඔයාව නංගිට දුන්නට. ලබන හැම අත්මෙකම ඔයා මගේ වෙනවා නේද?"
"අනේ මැනික..."
"පොරොන්දු වෙන්න.."
"පොරොන්දු වෙනවා"
" මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් රවී"
"නෑ.. මම ඔයට තනියම යන්න දෙන්නේ නෑ. මව දාලායන්න එපා. මත් එක්කන් යන්න මැනික."
හිමදිව බදාගෙන පන්සිලු හඩන්නට වුනා..
***********************************
"අනේ ඩොක්ට මගේ දරුවා."
"අපි කරන්න පුලුවන් හැමදෙම කලා. එත් දෙන්නවම බේරගන්න බැරි වුනා. දෙන්නම නැති වෙලා තියෙන්නේ 9.46ට.."
වත්සලට , පාලිත වගෙම පන්සිලුගේ දෙමවුපියන්ටත් වේදනාව දරා ගත නොහැකි විය. හිමදි මොලොව හැර යන විට පන්සිලුද හෘදයාබාධයකින් මෙලොව හැරදා ගියා...
                               ** * නිමි***

You've reached the end of published parts.

⏰ Last updated: Mar 27, 2018 ⏰

Add this story to your Library to get notified about new parts!

සිහින සිත්තම් Where stories live. Discover now