"ජිමින්ෂී.. ග්වෙන්චන්නා??"
"නේ කම්සාමිදා.."
එයාගේ wheelchair එක තණකොල අතර හිර වෙලා පෙරලිලා.. මං එයාව ගහට හේත්තු කරලා wheelchair එක කෙලින් කරනකොට එතනට ආවේ අර අනිත් පිරිමි ලමයා.. එයා ජිමින් ලගට ගිහින් බැලුවේ එයාට තුවාල වෙලාද කියලා..
"හ්‍යොන්ග්.. ග්වෙන්චන්නා.."
"නේ.. බය වෙන්න එපා... මට wheelchair එකට යන්න උදව් කරන්න.."
මං එයාලා ලගට wheelchair එක ගෙනත් දෙනකොට ඒ ලමයා මොකුත් නොකියා මට ඔලුව නවලා ස්තූති කලා.. මං එයාට ජිමින්ව ආයේ wheelchair එකේ ඉන්දවන්න උදව් කරලා ඈත් උනේ මං එයාලාට කරදර කරනවදෝ හිතුන නිසා..
"චෝගී.. ටිකක් ඉන්න.."
ඒ පිරිමි ලමයා ජිමින්ව එහෙමම තියලා මං ලගට ආවා..
"කම්සාමිදා.. නූනා.."
එයා mask එක අයින් කරන ගමන් කීවා..
"ජන්ග්කුක්ෂී...."
මං තවත් පුදුම උනා.. ඒ මං දැකලා තිබුන ලස්සන හුරුබුහුටි කුකී නෙමෙයි.. එයාගේ ඇස් වට කලු වෙලා.. තොල් වේලිලා තැනින් තැන පුපුරලා.. මුන අදුරු වෙලා.. ඇස් රතු වෙලා ඉදිමිලා අඩලම..
"හ්ම්ම්ම්ම්ම්... සමාවෙන්න මෙහෙම කියනවට.. ඒත් අපි අද මෙතන හම්බුනා කියන දේ අමතක කරන්න පුලුවන්ද? එහෙම දෙයක් උනේ නෑ කියලා හිතාගන්න පුලුවන්ද?"
කුකී ගොඩක් අසරන විදියට අහන ගමන් ආයෙත් වට පිට බලලා mask එක දාගත්තා..
"නේ... ඒත් ඇයි? මං කාටවත් කියන්නේ නෑ.."ඒ එක්කම අජුස්සි ඈත ඉදන් මට කතා කරනවා ඇහිලා මං ඒ පැත්ත බැලුවා.. ඔහු අතින් මට එන්න කියනවා..
"ජන්ග්කුක්ශී.. චෙසොහම්මිදා.. මං යන්න ඕන.. බය වෙන්න එපා.. මං අමතක කරන්නම්..."
ටික ටික ඉර පායාගෙන එනවා.. සකුරා මල්වල සුවද cafe එක පුරාම.. ඒ සුවද අතරින් මට දවසම මතක් උනේ ඒ දෙන්නාගේ කදුලු පිරුනූ ඇස්... ඒ වරදකාරි වචන...
"ආහ් බෙල්ල.."
අද නම් වැඩ වැඩි.. මං sandwich එකයි coke එකයි අරන් ආයෙත් bench එක ලගට ගියා... bench එක තිබුනේ park එකට මුහුනලා.. මං කනගමන් කල්පනා කරේ කුකි ඒ තරම් පසුතැවෙන්න තරම් එයා කරපු වැරැද්ද මොකක්ද කියලා... cafe එකේ වැඩ ඉවර නිසා මං හෙමින් ආයෙත් park එකට ඇවිදගෙන ගිහින් නැවතුනේ උදේ කුකි අඩ අඩ හිටිය තැන..
YOU ARE READING
You'll Never Walk Alone
Fanfictionඑක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත් ඒක අහම්බයක් නෙමෙයි ඒක දෛවය.. මේ දෙන්නට අතීතයේ වැරැද්ද හදන්න පුලුවන් වෙයිද?? නැත්නම් කුකී සදහටම එයාගේ අයියලා නැතුව තනි වේවිද?