Chapter 6

299 72 0
                                    

මං තාත්තාගේ කාමරෙන් එලියට ආවේ ආයෙත් උත්සාහ කරන්න හිතාගෙන.. මං කුකිටවත් නොකියා මුහුද අයිනට ගියා..

හොද හුස්මක් අරන් මං ආයෙත් කාලයේ ආපස්සට ගියා... මං මුලින්ම ගියේ එයාලාගේ Caravan නවත්තලා තිබුන තැනට.. මං හැංගිලා බලන් හිටියේ කට්ටිය එනකම්.. Bodyguards ලා caravan එකම check කරනවා..

ඒ එක්කම මං දැක්කේ ඒ ලගම cafe එක ඇතුලේ හිටිය කෙනෙක් ඒ දිහා ඕනෑකමින් බලනවා.. මාත් වෙනසක් නොපෙන්වා Cafe එකට යන්න හදනකොට කවුද මගෙ ඉස්සරහට ආවා.. ඔහු මට වඩා උස මහත හරිම දරුනු පෙනුමක් තියන කෙනෙක්..

"සමාවෙන්න මිස්, අද මේ තැන අපි Book කරලා තියෙන්නේ.."

"ආහ්හ් සමාවෙන්න මං දැනගෙන හිටියේ නෑ.."

මං ආපහු පාරට ආවා.. ඒ එක්කම BTS වාහනේ ආවා.. මං ටිකක් නැවතිලා හැරිලා බැලුවා.. නම්ජුන් හොබි යුන්ගි හිනා වෙවි ඇතුලට යනවා.. මට ඉබේම ඇස්වලට කදුලක් ආවා..

"ඔයාලා 3 දෙනාව මං ලගම තියාගෙන බේරගන්න පුලුවන් නම්.."

මං මටම කියාගන්නකොට කවුරුහරි ලගට එනවා දැනිලා පිටි පස්ස හැරෙනකොට ජන්ග්කුක් මං ලගම හිටගෙන එයාලා දිහා බලාගෙන..

"ජන්ග්කුකාආආ... ඔයා කොහොමද ?"

"නූනා හිතුවේ මං දැනගන්නේ නැති වෙයි කියලාද? ආයේ හොර ගමන් යනකොට මට කියලා යන්න.."

එතකොටයි දැක්කේ කුකි ඇදගෙන ඉන්නේ එදා එයා ඇදගෙන හිටිය ඇදුම.. ඒක ගැන සැක හිතුන මං එයා දිහා බලනකොට කුකි හිනා උනා. 

"ඔහොම ඉන්නකෝ.."

මට මොකුත් කියන්න නොදි කුකි ගියා.. එයා ඇතුලේ ඉදන් කුකි එලියට එනවා බලන් ඉදලා ඇතුලට ගියා..

"ජින් හ්‍යොන්ග්.. අද ඔයා Drive කරනවද? මගේ උරහිස රිදෙනවා.. මං හිතන්නේ ආයෙත් අර අමාරුව.."

"ගොඩක් අමාරුද? "

නම්ජුන් ඇහුවේ ටිකක් කලබලෙන්..

"අනී අනී හ්‍යොන්ග්... අපි villa එකට ගියාම Massage එකක් කරගමු එතකොට හරි යයි.."

ඒ එක්කම ඇත්ත කුකි ඇතුලට යන්න ඒ පැත්තට යනවා.. ඒත් කුකි තාම ඇතුලේ.. මට කරන්න දෙයක් හිතාගන්න බැරි උනා..

You'll Never Walk Alone Unde poveștirile trăiesc. Descoperă acum