Chapter 3

363 79 3
                                    

"හ්‍යොන්ග්"

මං උන දේ හිතාගන්න බැරිව ගල් ගැහුනා.. කුකි ඇහැරලා.. ඒත් මං කාලය නතර කලා.. මං සැක ඇරගන්න ජිමින්ගේ මුන ඉස්සරහින් අතත් එහාට මෙහාට කලා.. ඒක කොහොමද වෙන්නේ.. මං ඉක්මනට කාලයට නැවතත් ගලායන්න ඉඩ දුන්නා..

"නූනා..."

එලිය බලන් හිටිය මං පියවි ලෝකෙට ආවේ ජිමින්ගේ කටහඩට..

"නේ.. ජිමින්ශී.."

"නූනා දන්නවත් ඇති.. එදා උන දේ නිසා ගොඩක් අය කූකීට චෝදනා කලා.. එයා නිසයි accident එක උනේ කියලා කීවා.. ඒ දේවල් නිසා එයා කාමරෙන්වත් එලියට ආවේ නෑ... දවසක් රෑ එයා හ්‍යොන්ග්ලාගේ ස්මාරකය ලගට ගියා, එතනදි එයාට කවුරුහරි කට්ටියක් ගහලා තිබුනා හ්‍යොන්ග්ලාගේ මරනෙට වගකියන්න ඕනි එයා කියලා.. ඒ වගේ නරක සිද්ධි ගොඩකට එයාට මූන දෙන්න උනා.. Depression වලට බෙහෙත් ගත්තත් කුකීට ආයේ ඉස්සර හිටියා වගේ ඉන්න බැරි වෙයි කියලා ඩොක්ට කීවා.. නූනා මට බෑ එයා තව දුක් විදිනවා බලන්න.. ඒ නිසා අපි හම්බුන එක රහසක් විදියට තියාගන්න.. චෙබල්.."

ජිමින් ඇස්වල කදුලු පුරෝගෙන කියනකොට මටත් නොදැනී මගේ ඇස්වලින් කදුලක් වැටුනා.. මං ජිමින්ගේ අත හයියෙන් අල්ලගෙන එයාට බය වෙන්න එපා කියලා කියනකොට ජිමින් අමාරුවෙන් ලාවට හිනා උනා..

"ජිමින්ශී.. මාව මෙතන බස්සන්න.. මං අර building එකේ ඉන්නේ.."

"ආහ්හ්හ් හ්‍යොන්ග් ඉස්සරහින් නවත්තන්න.."
"කම්සාමිදා.. චෙසොහම්මිදා මං කරදර කලා.."

"අනී.. අනී.. එහෙම නෑ.. චල්ජායෝ.."

ජිමින් හිනාවෙලා කියනකොට මාත් එයාට ආචාර කරලා වාහනෙන් බැස්සා.. එයාලා වංගුවේ නොපෙනී යනකම් බලන් හිටිය මං ඉක්මනට ඇතුලට ගියා.. මං පරක්කු නිසා අම්මා බය වෙලා.. එයාට හැමදේම තේරුම් කලාම එයා තේරුම් ගත්තා..

"ජීසුයා.. මේක ඔයාගේ තාත්තාගේ.. මං මේක ඔයාට දෙන්න නෙමෙයි හිටියේ.. ඒත් මේ හරි කාලේ කියලා හිතෙනවා..."

අම්මා මගේ අතට දුන්න ලී පෙට්ටිය මං හෙමින් ඇරියා... ඒක පරන තාලේ අත් ඔරලෝසුවක්.. ඒ පෙට්ටියේ තව එකක් තියෙන්න ඇති කියලා හිතෙන තරම් ඉඩක් තිබුනත් මං ඒ ගැන වැඩිය හිතුවේ නෑ..

You'll Never Walk Alone Where stories live. Discover now