Chapter 9 (END)

486 87 23
                                    

කුකී ඉක්මනට ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ආවා.. එයා එලියට එනකොටම යුන්ගී දුම් දාන කැද එකක් අරන් කාමරේට එන ගමන්.. කැද එකෙන් ආපු දුම් අවකාශයේ නැවතිලා.. කුකී හෙමින් හෙමින් එලියට ආවා..

"ආහ්හ්හ් හරි මහන්සී.. එයාලා කොහේ ගියාද.."

කුකී ටිකක් දුර පාරේ ඇවිදගෙන ඇවිත් දනහිස් දෙක අත් දෙක තියාගෙන අමාරුවෙන් හති ඇරියා.. එයා තාම දුර්වලයි..

කුකී ටිකක් දුර දුවගෙන එනකොට දැක්කේ එයාලාගේ වාහන තුනක් පොලිස් කාර් දෙකක් එක්ක පාරේ නවත්තලා තියනවා.. ඒ එක්කම කූකී පුදුම උනේ කන්ද උඩ කැබින් එකේ ඉදන් බැහැගෙන එන සුදු කෝට් එකක් දාගත් කෙනා දැකලා..

"එයා.. කොහොමද?? කාලය නැවතිලානේ..."

ටිකක් ලං වෙනකොටයි එයා දැක්කේ ජීසෝව කරේ තියාගෙන එනවා..

"නූනා.. ඒයී....ඔහොම ඉන්නවා.. "

කුකී ඉක්මනට දුවගෙන ලගට යනකොට ඒ කෙනා පුදුමෙන් කුකී දිහා බලන් හිටියා..

"තමුන්.. කොහොමද?"

ඒ කෙනා ජීසෝව බිම තියලා කුකීට ගහන්න ඉස්සරහට පැන්නා.. ඒත් කුකී ඒ මැදි වයසේ කෙනාට වඩා ශක්තිමත් වගේම වේගවත්..

ජන්ග්කුක්ගේ පාරවල් දෙකකින් ඒ කෙනා වැටුනා.. කටට ආව ලේ ටික කෙල ගහපු ඔහු ආයෙත් නැගිටින්න උත්සාහ කරනකොට කුකී ගහපු පයින් පාරට කකුල් බැලන්ස් නැතුව ආයේ වැටුනා.. තවත් නැගිටින්න තරම් හයියක් නැති නිසා ඔහු එහෙමම බිම වැතිරිලා හිටියා..

"නූනා.."

කුකි ජීසෝගේ ඇස් බැදලා තිබුන රෙදි කඩ අයින් කරා..

"ජන්ග්කුක් බලාගෙන.."

ඒ එක්කම කාලය නැවත ගලා යන්න පටන් ගත්තා.. ඔලුව පුපුරන්න තරම් වේදනාවක් එක්ක බෙල්ල දිගේ උනුසුම් මොනවහරි ගලාගෙන යනවා කුකීට යාන්තමට දැනුනා.. එයාලා හිටියේ පොලිස් කාර් දෙකක් මැද..

මැදි වයසේ පිරිමි කෙනා පොලිසියෙන් බිම පෙරලගන්නකොට ජන්ග්කුක් පණ නැතිව ජීසෝගේ උකුලට වැටුනා..

"ජන්ග්කුකා..."

ජීසෝගේ කටහඩට එක පාරටම නම්ජුන් පහල බැලුවා.. එයාට වැටිලා ඉන්න ජන්ග්කුක් අදුරගන්න වෙලා ගියේ නෑ.. ඒ එක්කම පිරිමි කෙනෙක් පොලිසියෙන් අල්ලන් ඉන්නවා දැකලා එයාට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා..

You'll Never Walk Alone Where stories live. Discover now