Chapter 4

327 74 3
                                    

දවස් දෙකකට පස්සේ කුකීත් මමත් ජිමිනුත් ජේජුවලට ගියා..

"ජන්ග්කුකා වේ?? ඇයි අපි මෙහෙ ආවේ??"

ජිමින් ආව වෙලාවේ ඉදන් අහන එකම ප්‍රශ්නේ ඒක විතරයි.. එයා හිටියේ ගොඩක් දුකින්.. මුහුදට මුහුනලා තියන විශාල villa එක කුකි අරන් තිබුනේ Accident එකට මාසෙකට කලින්.. එයාලා accident උනේ මේකට එන අතර ගමදි.. ඒ නිසා ඊට පස්සේ කුකීවත් ජිමින්වත් මෙහෙට ඇවිත් නෑ..

ජිමින් බැල්කනි එකට වෙලා ඈත පෙනෙන මුහුද දිහා බලාගෙන හිටියේ හිස් හැගීමෙන්..

"ජිමින්ශී.."

"ආහ්හ් නුනා.."

"ග්වෙන්චන්නා?"

"අනී.. මං කැමති නෑ මෙහෙට එන්න.. එයාලාව මතක් වෙනවා වැඩි මෙහෙට ආවම.."

කුකී කීවේ බර හුස්මක් පිටකරන ගමන්.. මං එයාට ටිකක් තනියම ඉන්න දිලා පහලට ගියා.. ඒ යනකොටත් කුකී ඇදුම් මාරු කරගෙන..

කූකීව දැක්කා විතරයි මං පඩි පෙලේ මැද නැවතුනා.. එයාගේ දිග කොන්ඩේ කපලා, ලාවට තිබුන රැවුලත් කපලා. එයා වෙනදා අදින කලු ලිහිල් ටිශර්ට් එකත් ඩෙනිම් එකත් වෙනුවට සුදු hoodie එකකුත් ලා නිල් පාට ඩෙනිම් කලිසමකුත් ඇදලා.. වෙනදාට වඩා එයා පිලිවලයි.. හරියටම ඉස්සර වගේ...

"නූනා අපි යමුද?"

කුකී මං ලගට ඇවිත් අතින් අල්ලන ගමන් කියනකොටයි මං පියවි සිහියට ආවේ..

"ආහ්හ්හ් නේ.."

අපි දෙන්නා විනාඩි කීපයක ගමනින් පස්සේ එයාලා accident උන තැනට ආවා.. කුකී ප්‍රපාතය ලග යකඩ වැටට අත තියාගෙන පහල බැලුවා.. පහල මුහුදු රළ වේගෙන් ඇවිත් ගල් පර වල වැදෙනවා.. ටිකක් වෙලා යනකම් මුහුදු රලවල සද්දය ඇර සද්දයක් මට ඇහුනේ නෑ..

"නූනා.."

කූකී බර හුස්මක් ගන්න ගමන් මං දිහා බැලුවේ එයා ලෑස්ති කියන්න වගේ.. මං කුකි ලගට ඇවිත් අත අල්ලගත්තා.. එයාගේ අත සීතලයි, වෙල්වට් වගේ සිනිදු, ශක්තිමත් ස්පර්ශයක් මට දැනුනේ..

වේගෙන් ගොඩබිමට එන මුහුදු රල පෙල හෙමින් එයාලාගේ ගමන නැවැත්තුවා.. තප්පර කීපයකින් ගල් පරයක වැදුන රළක වතුර හිස් අවකාශයේ පිනි බිදු මෙන් නතර උනා.. ගත උනේ තප්පර කීපයයි, ගොඩ බිමට ආව රළ ආපහු මුහුදට ගලාගෙන ගියා... ක්ෂනයකින් අපි දෙන්නම කාලයේ ආපස්සට ගිහින්.. ඒ accident එක දවසේ උදේ..

You'll Never Walk Alone Where stories live. Discover now