CHAPTER 9

1.3K 295 79
                                    

" සමහර ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" සමහර ගමන්...

තනියම  ගියාම සැනසීමයි...

එතකොට...

කවුරුත් නෑ මගින් හැරෙන්න..

කවුරුත් නෑ අත් හරින්න...

හේතුවක් නෑ දුකක් දැනෙන්න...

උවමනාවක් නෑ..මටත් නවතින්න...

ඉතින්...

තනියම යන්න....

මම වගේ...

ඔයා විදවන එකක් නැති වේවි..."
( JJK)

  ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

" ජීමින්..., අපි සර්ජරි එකට රෙඩි වෙමු..ඔයාගෙ මල්ලි ඔන්න ඒකට හැමදේම ලෑස්ති කරල.."

" මොකක්?"

සුපුරුදු විදිහටම ඒ ඇස් වල පුදුමය තැවරිලා...

ඒ ඇස් දිලිසෙනවා...

හියුන් සතුටින්...

" ඔව්...තව පැය තුනකින් අපි ඒක කරමු....  ජීමින් බඩගිනි නම් දැන්ම මොනව හරි කන්න..පැය දෙකක් ඔයා නොකා ඉන්න ඕන හොදද?"

ඩොක්ටර් එහෙම කියල ආයෙත් රූම් එකට ගියේ මටත් ඔලුව වනලා කතා කරන ගමන්..

" ජ...ජන්ග්කුක්-ආහ්??  ඔයා.."

" හියුන් එලියෙන් ඉන්න...මම ඩොක්ටර් හම්බෙලා එන්නම් හොදේ..."

හියුන් මොකුත් කියන්නත් කලින් ඒ අත්වලින් අල්ලගෙන රූම් එකට ගිහින් ඇරලපු මම ආයෙත් එන්න ආවෙ ඩොක්ටර් හම්බෙන්න..

යන්නත් හැරිල මම ආයෙත් බැලුවෙ කිසි දෙයක් හිතා ගන්න බැරුව තියෙන ඒ මූණ දිහා..

හියුන්..,

ඔයා සතුටින් නේද හියුන්...?

ඔව්...

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now