හතරවන කතාංගය😊😊

814 124 4
                                    

❤️දෛවය සොයා❤️

හතරවන කතාංගය 😇😇

ඒ පුද්ගලයා අපේ අම්මගෙන් ඇහුවේ මිස් අනුත්තරා කියලා.කුරියර් එකකින් වගේ පෙනුන නිසා මම ඒ මම කියලා කීව. පාර්සලයක් මගේ නමට. 🤗🤗🤗

ඒ පාර්සලය ඇතුළේ ලොකු ලියුම් කවරයක් තිබුණා . ඒවගේම ලස්සන bts ටී ෂර්ට් තුනකුත් තිබුණා 😍😍😍 . ටී ෂර්ට් ටික දැක්ක ගමන් මට දැනුනු සතුට, අම්මෝ, කාමරේට ගිහින් තනියම ඇඩුවේ සතුට වැඩි කමට😁😁😁.

අඩලා එහෙම ඉවර වුනාම තමා මතක් වුණේ ලියුම් කවරේ මම තාමත් බැලුවෙ නැහැනෙ කියලා.

කවරය ඇතුලේ තිබුනු දේවල් දැක්කහම නම් මං බය වුණා කියලා කීවොත් හරි.😶😶
මේ තරම් ආදරයක් ටේයොන්ගා ගේ හිතේ මං වෙනුවෙන් තියනවද කියලා , කොහොමහරි කවරේ තිබුනේ,

- ගුවන් ටිකට් පත් දෙකක්, ඒ කිවේ යන්නයි එන්නයි ඉන්දියාවට 😮😮

- හෝටල් වෙන්කිරීම් වලට අදාළ ලියකියවිලි දවස් 4කට.

- ලියුමක් . ලියුම තිබුණේ ඉංග්‍රීසියෙන් .

"ආදරණීය නූනා,

අපේ world Tour එකෙන් ඉන්දියාවට එනවා. අපිව බලන්න එන්න. මම ඔයාව බලාගන්නම්. මම බලාගෙන ඉන්නවා. ❤️❤️

කුකීට රස කෑම ඕනා කියලා කීවා. ටී ෂර්ට් ඔයාට ඇති නේද? 🤔 ඔයාව අමතක නැහැ මට. 😊

ලියුම ලියන්නේ නම්ජූන් හියුන්ග්. ඔයාට ගොඩාක් ආදරෙයි අපි ඔක්කොම . ඉක්මනට එන්න. මම දිල්ලි එයාපෝට් එකේ ඔයා එනකම් බලාගෙන ඉන්නවා.

ටේයොන්ග් "

ඒ පුංචි ලියුම මාව පිස්සියක් කළේ නැහැ කීවොත් මං ඉතින් බොරුකාරියක් වෙන්වා. ඒත් අම්මලා යන්න දෙයිද?😶 දැන් ඉතින් බොරු කියලා තමා යන්න වෙන්නේ, ඒත් වෙන රටකට,

ඊළඟ දවස් කීපය මට පිස්සු වගේ, ගෙදරට කියන්න බොරුවක් හදනවා, ඒ අතරේ ආයිමත් ඒ ලියුම බලනවා, ඇත්තද😬😬 කියලා ..පියවි ලෝකෙට වඩා මනෝ ලෝකේ ඒ කාලෙ හිටියා කීවොත් මං හරි.
අන්තිමට ගෙදරට කීවෙ ඔෆිස් එකෙන් ඉන්දියාවට කොන්සර්ට් එකක් බලන්න යනවා කියලා,😪😪

එක දවසක් පැය කීපෙකට හම්බුනු නොදන්නා රටක, පිරිමි ළමයෙක් විශ්වාස කරලා මං මේ ගමන යන එක හරිද?🤔 ඒත් ඉතින් ආමිලා මැරෙන්න වුනත් මෙහෙම ගමනක් යන්න අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන් යනවනේ. මමත් එහෙමයි.😍

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now