එකොළොස්වන කතාංගය😊😊

690 122 5
                                    

❤️දෛවය සොයා❤️

එකොළොස්වන කතාංගය😊😊

ඔව් .මම ආදරේ කලේ මාව දැක්කම අපහසුතාවට පත්වෙන ඒ චරිතෙට. ඒ ජේ හෝප්.  ❤️වැඩි කතාවක් නැති ඒ අපූරු මිනිසා මගේ හිත හොරකම් කරලා තිබුණා ❤️

ඉන්දියාවෙදි ඔහු දැකපු මුල්ම වෙලාවෙ ඉදලම මගේ හිතේ ජේ හෝප් හොල්මන් කලා. 😐මම ඉන්දියාවට එන්න කලින් මට bts හැමෝම එකම වගේ ආදරණීය චරිත වුණත් ජේ හෝප්ව දැක්ක මොහොතේ ව්ශේෂයක් දැනුනා.
ඒවගේම ලැබෙන හැම අවස්ථාවකම මම 😶😶ජේ හෝප් දිහා හොරෙන් බලාගෙන හිටියා.🙈 එයා කොයි වගේ කෙනෙක්ද කියලා අදුරගන්න මට ඕන වුණා .😶😶

ඉන්දියාවෙදි ජේ හෝප් වැටුනු වෙලේ මගේ හදවත නැවතුනා වගේ මට දැනුනා .😢ඒත් ඒ වෙලාවෙ මම විශේෂයක් විදිහට ඒ ගැන නොහිතුවේ ඒක ඒ වෙලාවෙ සාමාන්‍ය තත්වයක් කියලා හිතුනු නිසා. 🤐🤐

ජේ හෝප්ට සාත්තු කරන වෙලාවෙ මටත් නොදැනීම මගේ ඇස් වල කදුලු පිරිල තිබුණේ ඒ වේදනාව දරාගෙන ඉන්න අමාරුව මට දරාගන්න බැරි නිසා. 😢😢ඉන්දියාවෙන් එන්න පිටත් වෙද්දි මට අතට අත දෙනකොට ජේ හෝප්ව බදාගෙන අඩන්න මට ඕන වුණත් එහෙම අවස්ථාවක් මට ලැබුනෙ නැහැ .😶😶

කොහොම වුණත් මගේ හිත ජේ හෝප් ගාව නැවතිලා කියලා මට තේරුනේ මම ලංකාවට ආවයින් පස්සේ. 🙈🙈හැම වෙලාවෙම ඔහු වෙනුවෙන් මගේ හදවත ගැහුනා.❤️ඒත් මම කරන්නේ වැරද්දක් බව මට තේරිලා තිබුණත් මට මගේ හිතින් ජේ හෝප්ට ආදරේ කරන එක නවත්තන්න පුලුවන් වුණේ නැහැ .❤️😶😶❤️

මාස ගණනක් තමන් ආදරේ කරන කෙනාව දකින්නවත් නැති එක මොනතරම් වේදනාවක් ද? 😐😐ඒ වේදනාව මට ඒ කාලෙදි හොඳටම දැනුනා. 😢කාලෙකට සැරයක් එන පුංචි ඉමෝජියක් මාව සතුටු කලේ  හරියට ජේ හෝප් මටම ලැබුනා වගේ . 😍😍ඒතරම් ඒ පුංචි දෙයිනුත් මම සතුටු වුණා . 🤗🤗

ජිමිනා මට කොරියා එන්න කියද්දිනම් මට දැනුනේ මුලු ලෝකෙම දිනුවා වගේ හැගීමක්.😍😍 මගේ ආදරේ දැකගන්න වගේම කතා කරන්නත් මට අවස්ථාව ලැබෙන නිසා.❤️

මුලින්ම සෝල් වලදි මාව දකිද්දී ජේ හෝප් මගේ දිහා බයවෙලා වගේ බලාගෙන හිටියා. ඒත් ඒ ඇයි කියලා හිතාගන්න මට පුලුවන් වුණේ නැහැ .🤔 ඒත් එයා දකින්න බලාපොරොත්තු නොවුනු දෙයක් මගෙන් දැක්ක ද කියලා මට හිතුනා.🙄🙄එයාට මගේ බැල්මෙන් මගේ හිත තේරුනාද? 🙁මොකද කලාකරුවෙක්ට හරිම ඉක්මන්ට හිත කියවන්න පුලුවන් කියලා මම අහලා තිබුනා. 🤐🤐🤐

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now