නවවන කතාංගය😊😊

673 132 3
                                    

❤️ දෛවය සොයා❤️

නවවන කතාංගය😊😊

Amusement Park ගියේ නම් Vminkook එක්ක නම්ජූන් විතරයි . 😶යුංගී ගීත කිහිපයක වැඩ එක්ක කාර්යබහුල වෙලා තිබුණා . ජින් දවල් දවසේ වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් නිසා ආවෙ නැහැ . ජේ හෝප් නම් පාක් යන්න කැමත්තක් දැක්වුවේ නැහැ 🤐🤐

පණ්ඩිතයා වගේ ගියත්, එතනට ගියාම තමා තෙරුනේ ඒ rides යන එක හිතන තරම් ලේසි නැහැ කියලා. 😟😟😟සෙනග හිටියේ නැති නිසා මම ඒ ගැන ටේයොන්ගා ගෙන් ඇහුවම කීවේ එයාල මේ දින කීපය  විශේෂ වෙන්කිරීමක් කරලා රූගත කිරීමකට සූදානම් වෙනවා කියලා. 😅😅(run bts එකකට  වෙන්නැති )

පුලුවන් තරම් හයියෙන් කෑ ගහගෙන rides වල ගියත් අන්තිමට බලනකොට ටේයොන්ගා ගෙ වගේම ජිමිනාගෙත් අත් රතුවෙලා තිබුණේ මම ඒ දෙන්නව ඒ තරම් තදින් අල්ලගෙන හිටපු නිසා.😐😐😐😐

මේ ගමනෙදි මම නම්ජූන් එක්ක ගොඩක් සමීපව කතා කළා. ඒ කතාවෙන් පස්සෙ කොයිතරම් පිස්සු නැටුවත් හැමවෙලේම අනික් සහෝදරයන්ගේ ආරක්ෂාව ගැන වගේම එයාලගෙ අනාගතය ගැනත් කොච්චර වදවෙනවද? කියන එක මට තේරුණා . ❤️❤️

දවස් ගෙවිලා ගියත් එකම දවසකවත් මට දවල් වෙලාවට එලියට යන්න අවසර නම් කාගෙන්වත් ලැබුනෙ නැහැ . 😐🙄

කට්ටියම රූගත කිරීමකට ගියපු දවසක මම ලංකාවෙ විදිහට දවල් කෑමක් හදාගන්න හිතුවේ කොහොම වුණත් කාටත් කටට පුරුදු කෑම මතක් වෙන නිසා. අනික් හැම ජාතියක්ම තිබුනත් කුලුබඩු වර්ග තිබුනේ නැහැ . ඒ නිසා කට්ටියගෙම ඇස් වහලා මම හෙමින් සැරේ එලියට ගියේ super market එකට යන්න හිතාගෙන. 😎😎

ඒ දුර පයින්ම ගියේ ටැක්සි ගැනවත් බස් ගැනවත් මට දැනීමක් තිබුණේ නැති නිසා . අන්තිමේදි ඕන බඩුත් අරගෙන එමින් ගමන් අයිස් ක්‍රීම් එකකටත් වග කිය කිය හෙමින් ආවෙ මම සෝල් දවල්ට දැකපු පළවෙනි දවස් අද නිසා. 😍😍😍

ඉක්මනට එනවා කියලා හිතලා ගියත් එද්දි පරක්කු වුණේ මම එන ගමන් දැකපු පංසලකටත් ගියපු නිසා. හිතට සැනසීමක් දැනුන නිසාම ටිකක් වැඩිපුර වෙලාවක් පන්සලේ හිටියා. 😊😊😊

කොහොම නමුත් ගෙදර දොර අරිනකොටම 7 දෙනාම හිටියා. ජිමිනා වගේම ටේයොන්ගා ගෙත් මූණ දැක්කහම අදනම් බැනුමක් අහන්න වෙන බව තේරුණා🤐🤐🤐🤐

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now