හයවන කතාංගය😊😊

735 125 2
                                    

❤️දෛවය සොයා❤️

හයවන කතාංගය 😊😊😊

මම ඇස් පියාගත්තේ, දවසේ දේවල් මතක් කරන්න වුනත් ඒ පාන්දර නිසා වෙන්නැති මට නින්ද ගිහින් තිබුනා. 😴😴😴

මං තට්ටුවකින් ඇහැරෙනකොට මගේ ඇස් දෙක ඉස්සරහ මූණ ට එබිලා හිටියේ ජීමින්.🙈 අර පිස්සු හැදෙන හිනාව දාලා මොනවදෝ කියලා මගේ නලලට පුංචි තට්ටුවක් දාලා එයා වාහනෙන් බැහලා ගියා. 😐😐😐

දෙවියනේ , හොටෙල් එකටම ඇවිත්, වෙච්ච ලැජ්ජාවට මං එතනම මගේ මූණ වහගත්තා.🙈🙈🙈 මොකද ,හැමෝම වාහනෙන් බැහැලා ගිහින්.කොහෙද ඉතින් නිදාගන්න ගියාම මටත් තැනක් නොතැනක් නැහැනෙ. 😐😬

ඕන දෙයක්,  කියලා මං ඉතින් වාහනෙන් බැහලා ගියා, යද්දිම ජින් අහනවා “අනූ, ඔයා යුංගියාගෙ පරණ යාලුවෙක්ද කියලා ?😂😂😂 එතකොටයි තේරුනේ ජින් මේ ඇවිත් වොෂ් එකකුත් දාගෙන තමා ඉන්නේ කියලා. ඒ කියන්නේ එක්කෙනෙක් වත් මාව නැගිට්ටවලා නැතුවම ගිහින්.😓😓😓

මම හොදටම නිදාගෙන, ජිමිනා ළගට ඇවිල්ලා නෝන්ඩියක් වෙන්නැති දාල යන්නැත්තේ,😬😬🙈 අන්තිමේදි යාන්තම් කට්ටියව මග ඇරලා මං කාමරේට රිංග ගත්තා.

ඒ එක්කම ජියා මගේ කාමරේට ඇවිත් කීව ටේයොන්ගා තවමත් වැඩ කියලා, අද ඉන්දියාවේ අන්තිම දවසේ කොන්සර්ට් එක රෑට නිසා. 🤗🤗නින්දක් වත් නැතුව  කොන්සර්ට් එකක් වෙනුවෙන් මේ තරම් මහන්සි වෙනවනෙ කියලා මට එයාලා ගැන ඇතිවුනේ ලොකු ගෞරවයක් . ❤️❤️❤️

කොහොම වුණත් පාන්දර යාමෙ මට නින්ද ගිහින් නැගිටිනකොට දවල් වෙලා තිබුනා. වොෂ් එකකුත් දාගෙන එලියට යන්න හදනකොටම කවුරු හරි දොරට තට්ටු කළා.🤔🤔🤔

මම ගිහින් දොර අරිද්දි එතන හිටියෙ ජිමින් .ලස්සනට හිනාවෙලා😍😍😍 ඇතුළට එන්නද අහලා ඇතුලට ඇවිත් එතන තිබුනු සෝෆා එකක වාඩි වුණා . කොහොම වුණත් මේ නම් විහිලු කරන්න නෙවි වැදගත් දෙයක් කතාකරන්න කියන එකනම් ජිමිනගෙ ඉරියව් දැකලා මට තේරුම්ගියා. 🙄🙄🙄

ඉංග්‍රීසි හොඳටම හසුරවන්න බැරිවුණත් එයාල කියන දේවල් මට තෙරුම් ගන්න පුලුවන් වුනා . ජිමින් මගෙන් ඇහුවේ මුලින්ම මට boyfriend කෙනෙක් ඉන්නවද කියලා🤔🙄😐, ප්‍රශ්නෙන් ටිකක් මං කලබල වුණත් ඒ බවක් නොපෙන්වා නැහැ කියලා කීවා. 😬😬
ඇත්ත්ටම මං කාටවත් ආදරේ කළේ නැද්ද ?🤔🤔 මම ආදරය කළා. ඒත් තනියම. මගේ සරසවි ප්‍රේමය ඒකපාර්ශවීය ප්‍රේමයක්. මගේ හොඳම යාලුවට මම ආදරේ කරත් ඔහුට මම යාලුවෙක් විතරක් වුණා . 😪😪 ඇයි ? කියලා ඊළඟට ඇහුවම මට මේ දිග කතාවම කියන්න බැරි නිසා මම කීවෙ ඔහු මට අකමැති වුණා කියලා විතරයි.😐😐😐  ඊළඟ ප්‍රශ්නෙ හැමදාම කොරියාවෙ ඉන්න කැමති ද? කියලා, ඒකට  නම් මොනවගේ උත්තරයක් දෙන්න ඕනද? කියලා හිතාගන්න බැරි වුණා . 😶😶😶ඒ වගේම ඇයි? මගෙන් ජිමිනා ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ කියලා මගේ හිත වද දෙන්න වුණා . කොහොම වුණත් වචන ගලපගෙන මම ලංකාවට ආදරෙයි කියලා මං කියාගත්තා  .🤐

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now