දහවන කතාංගය😊😊

687 124 1
                                    

❤️ දෛවය සොයා❤️

දහවන කතාංගය😊😊

නම්සන් කුලුන බලලා එනකොටත් මම ටිකක් අන්ද මන්ද ගතියෙන් හිටියේ. 😶😶ඒ ජිමිනා කියපු දේ මාව ගොඩක් බය කළාද? එහෙම නැත්නම් මාව සතුටු කළාද ? කියලවත් හිතාගන්න බැරි තත්ත්වයක තමා මම හිටියෙ😐😐 ජිමිනා මට හිනාවෙලා ටේයොන්ගා එක්ක මගේ ඉස්සරහින් ගියා. මම කුකියත් එක්කම වගේ ගියත් ආපහු ගෙදරට එනකන් කිසිම කතාවක් තිබුනේ නැහැ .😶😶

පහුවදා මම කොරියාවෙ ඉන්න අන්තිම දවස. 😓😓 ඒ නිසා වගේම ජේහෝප්ගෙ උපන්දිනෙත් නිසා පුංචි සාදයක් ගෙදර ලෑස්ති වුණා .😘දාලයන්න බැරි වේදනාවක් වගේම ආයිම කවදාවත් කොරියාවට එන්න මට අවස්ථාවක් ලැබෙයිද? කියන සිතුවිල්ල මාව තවත් අසරණ කළා.😓😓😓

ඒ සාදය ගොඩක් විශේෂ වුණා . ජියාට වගේම මැනේජර් කිම්ටත් ස්තුති කරන්න මම ඒක අවස්ථාවක් කරගත්තා. මොකද, ඉන්දියාවෙදි වගේම කොරියාවෙදිත් මම වෙනුවෙන් ඒ දෙන්නා ගොඩක් දේවල් කළා. 😘😘😘

ජේ හෝප් වෙනුවෙන් පුංචි කේක් එකක් ජිමිනාගෙයි යුංගී ගෙයි අතින් හැඩ වුණා .🎂🎂 කේක් කපලා කට්ටියම තෑගි ජේ හෝප් ට දෙද්දි මමත් හැමෝටම ගෙනාපු තෑගි ටිකත් ජේ හෝප්ගෙ උපන්දිනය නිසා තවත් පොඩිතෑග්ගක් දුන්නා. 🎁🎁

ඒ දිනපොතක්. සාමාන්‍ය දින පොතක් වගේ පෙනුනත් ඒ දින පොතේ ලොකූ විශේෂත්වයක් තිබුනා . 😍😍😍

කෑම ජාතිනම් ගොඩාක් තිබුණා , නම් දන්නැහැ .සමහර නම් කියාගන්න බැහැ දිව පැටලෙනවා. 😐ඒ නම් මං කියන්න උත්සහ කරන්න ගිහින් වුණේ ජේ හෝප්ට ඉස්මොල්ලෙ ගිය එක විතරයි. 😟😟කට්ටියම හිනා වුණේ  ගෙදර දෙවනත් වෙන්න.😂😂😂😂

සෝජු, මම මේ පාරත් පොඩ්ඩක් බොන්න හදනකොටම ජිමින මගෙන් කෝප්පෙ ඇදලා ගත්තා. ඒ වගේම ඒ මූණෙ කියාගන්න බැරි නපුරු පෙනුමකුත් තිබුණා.🙄🙄🙄ටේයොන්ගා රවාගෙන බලන් හිටියා. 🤐🤐🤐ඉතින් ඒ ආසාවනම් මේ කපේදි ඉෂ්ට කරග්නන බැහැ කියලා තේරුණා .😶😶😶

සාදය අවසන් වෙනකොට මට පිටත් වෙන්න වෙලාවත් ඇවිත් තිබුණා . 😓😓😓
සෝජු ටිකක් දෙනවා කියලා කලින් කීවට ටේයොන්ගා මට දුන්නෙත් නැහැනෙ .😏😏

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now