Chapter 2

1.4K 277 183
                                    

වැරදිලා ප්ලග් එකක කරන්ට් ලීක් එකකින් ඇග හරහා යන 230 V වොට් කරන්ට් එක කොහොමද දැනෙන්නේ ?
ඒ හැමදේම පැත්තකින් තියලා ඇග හරහා යන 400J කරන්ට් එකටවත් මගේ ඇගේ මෘගයා මරලා දාන්න පුළුවන් වෙන්න කියලා මම අනන්තවත් ප්‍රාර්ථනා කරලා ඇති....
කවදද මගේ හැගීම්ක් , ප්‍රාර්ථනාවක් මට අයිති වුනේ..
මැෂින් එකේ ලස්සන චලනයක් පෙන්නන්නේ මගේ හදවත කියලා මම දන්නවා.. මගේ ?? මට කියලා අයිතිවාසිකම් කියන්න පුළුවන් හදවතක් මට තියද ? කරන්ට් එක ඇගහරහා හැම ස්නායුවකටම වේදනාවක් දීගෙන යද්දී ඇස් දෙක අගින් බේරෙන කදුළු බින්දු මෘගයාගෙන් යටවෙලා ඉදපු අහිංසකයගේ..

මම ඉන්නේ කොතනද කියලා මම දන්නවා..
මම වගේ අයට වෙන්වුන තැන... එයාලා මානසික ලෙඩ්ඩු කියලා ලේබල් ගහලා පැත්තකට කරපු කට්ටිය ඉන්න තැන..... අසරණකම හිත වෙලා ගනිද්දි මම ඇස් දෙක තවත් තද කරලා පියාගත්තේ මේ දකින්න බැරි ඇස් නිලංකාරවෙන එළියට එනවට වඩා හැංගිලා ඉදපු අදුරේ මට අමාරුවෙන් වුනත් හුස්ම ගන්න පුළුවන් උන නිසා..

ඇස් දෙක පියවුනත් ඈත වෝඩ් එකක මේ වගේ කරන්ට් එක දරාගන්න බැරුව වේදනාවෙන් කෑගහපු විලාපයක හඩ මගේ කන් දෙක අතරින් ගියේ ඇගේම මයිල් කෙලින් කරමින්..සාමාන්‍ය මිනිස්සු කියලා කියාගන්න අය මෙහෙම මිනිස්සුන්ට වද දෙන එක හරිද ? මොකක්ද කරපු වරද ? හිත ඇතුලින්ම අපි කොච්චර වේදනාවක් ද විදින්නේ ? දන්නවද ඇග ඇතුලේ ඉන්න මෘගයෙක් එක්කම සටන් කරලා මහන්සියි.. හෙම්බත් වෙලා.. තමන්ට අයිති නැති ජීවිතේක තමන් හුස්ම ගන්නේ කොහොම ද ? හුස්ම ගන්නවා කියන එකත් අමතක වෙන තරමට සමහරුන්ගේ ජීවිත සැහැල්ලුයි... එහෙම තමන්ටම අයිති නැති ජීවිතකයක අමාරුවෙන් හුස්ම ගන්නවා කියන එක කටුකම්බි පෙනහැලිවල ඇමිණිලා හුස්ම ගන්නවා වගේ හැගීමක්... හිස් හුස්ම පෙනහැලි අතරින් වේදනාවක් දීගෙන පිටතට යනවා...
ඒ වේදනාවම මදිද..? මේ විදියට ඇග අැතුලින් කරන්ට් යවලා එයාලා මෘගයා මරන්නද යන්නේ ?
එතකොට ඇග අැතුලේ ඉන්න අහිංසකයට රිදෙන්නේ නැද්ද ? නෑනේ.. අසරණයට අමතක වෙලා ඉවරයි වේදනාව කියන්නේ මොකක්ද කියලත්..

මම අන්තිමට අහන්නේ මම කරපු වැරැද්ද මොකක්ද ? මේ කිසිම දෙයක් මගේ වැරදි නිසා නෙවේ.. ඒ වගේම මෙතන ඉන්න කිසිම කෙනෙක්ට මෙහෙම උනේ එයාලගේ වැරදි නිසා නෙවේ.. මේ සමාජය නිසා..
හැගීම් තියන සියලුම සත්තවයෝ උන්මන්තකයෝ... ඒක තමයි ඇත්ත...

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now