Chapter 8

868 214 140
                                    

ඔළුවෙන් ආපු වේදනාව මොහොතකට හැමදෙයක්ම අමතක කෙරෙව්වා.. මට තවත් මෙතන ඉන්න බෑ.. මාව එළියට ගන්න.. අනේහ් කව්රුහරි මට උදව් කරන්න.. අසරණකම හිත පුරා පැතිරුනාම උදව් කරන්න කව්රුවත් නෑ කියලා දැනගෙන උදව් ඉල්ලලා කෑගහන්න විතරක් පුළුවන් උනාම ? හැමෝම මිනිස්සු.. හැමෝම කරන්නේ කෑගහන එක...

තවදුරටත් මට කිසිම දෙයක් පෙනුනේ නෑ,. ආයේම අදුරු, සීතල වටපිටාවක මම විතරක් තනිවෙලා තිබුනා.. ලොකු අදුරු තැනක මම විතරක් හිරවෙලා. මේක කොහොමත් නුපුරුදු දෙයක් නෙවේ..

" ම-ම බ-යයි .. ම්-මට බ-යයි" ගොතගැහිල්ල තැවරුන කට හඩ අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ,.

ජෝඩ්,. ? මම කෑගැහුවේ ඔළුව පුපුරන්න වගේ ඇහුණ හඩට.. එයා මේ ළගම ඉන්නවා.. ඒත් අදුරේ මට එයාව පේන්නේ නෑ,.

ජෝඩ්න් ? මගේ කටහඩ අදුරේ දෝංකාර දුන්නා...

" මොනවට ද ඔයා වැඩිපුරම බය "
ආයේම මට ඇහුනේ ජෝඩ් නැත්තන් මගේ අතීතයේ කටහඩ උනත් ඕනවට වඩා ගැඔුරු බවක් තැවරිලා තිබුන ඒ කටහඩේ ගොත ගැහීමක් තිබුනේ නෑ...

එයා කටහඩ වෙනස් කරමින් දෙබසක් නිර්මාණය කරන්න උත්සහ කරමින් හිටියා..

ඇ-ඇයි ජෝඩ් එයාගේ කටහඩ වෙනස් කරලා කතා කරන්නේ ? මම මගෙන් ප්‍රශ්න කලේ කිසිම උත්තරයක් නැතුව.. ඔව් උත්තර නැති ප්‍රශ්න මගෙන්ම අහගන්නවා ඇරෙන්න කාගෙන් අහන්නද ?

හතර වටෙන්ම ජෝඩ්ගේ කටහඩවල් දෙකින් පිරුනු දෙබස්වලින් මගේ කන් දෙක පිරිලා ගියා..

" ඔහොම නිකන් ඉන්න එපා.. එයාලට ගහන්න " ජෝඩ්ගේ අැතුළාන්තයෙන් ආපු ගැඹුරු කටහඩින් එයාම මිමිණුවා..

" මට ඕන විදියට තමුන් වැඩ කරනවා "

" මම ඉන්නේ ඔයාට උදව් කරන්න.. අක්කා තමයි මාව එව්වේ "

මගේ ඔළුව පිපිරෙන්න වගේ ආපු වේදනාවට මම ඔළුවත් බදාගෙන වාඩි උනේ දාඩියේන් මුළු ඇගම වෙව්ලද්දී,.. මගේ ඇගවටේ ලොකු යකඩ දම්වැලක් එතුනේ බේරිලා යන්න බැරි තරමට මාව හිර කරමින්.. යකඩ දම්වැල එන්න එන්නම තද වුනා.. බෙල්ලට තද වුන යකඩවලින් රතු වෙලා තිබුන බෙල්ල හුස්ම ගන්න තිබුන හැම අවස්ථාවක්ම නැති කරලා දැම්මා.. අපස්මාරය හැදුනා වගේ මාව වෙව්ලන්න ගත්තේ ඇගේ හැම නහරයක්ම හුස්මක් ගන්න සටන් කරද්දී,... යකඩ දම්වැල් මාව අදුරට අැදගෙන ගියා...
දම්වැල් තවත් තද වුනේ ඇගේ හැම අස්ථියත්ම බිදිලා යනවා වගේ වේදනාවකින් ඇගම වෙළලා යද්දී,. වේදනාවෙන් තද වුන දත් අතරට දිව අහුවේවි කියන බයට මම දත් පුළුවන් තරම් තද කරලා තියාගත්තේ ඇගම වෙව්ලලා යද්දී... කම්මුල් හරහා මුළු ඇග පුරා ගමන් කරන හිරි වැටීම තවමත් මගේ පණ තියෙන බව මට මතක් කරලා දුන්නා..
අන්තිමේදි .. මම ඇදගෙන වැටුනා.. ලොකු ගැඹුරු , පතුලක් නොපෙනන ප්‍රපාතයකට... වැටෙනකොට දැනෙන නිදහස් හැගීම හැමවේදනාවක්ම මෙහොතකට අමතක කෙරෙව්වා..
එක විනාඩියකට හැමදේම අදුරු වෙලා, සන්සුන් වෙලා ගියා...

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now