Chapter 14

829 175 130
                                    

ඒක හරිම සාමාන්‍ය රිලේෂන් ෂිප් එකක්...
මම කලින් කවදාවත් ආදරේ කරලා නැහැ.. ආදරය කරන විදිය ඉගෙන ගන්නේ කොහෙන්ද කොහොමද කියලාත් මම දැනගෙන ඉදියේ නැහැ...

මම දන්න විදියට ආදරය කලා...ඒක ආදරය කියලා දන්නේ නැතත් , මම එයාව සතුටින් තියන්න උත්සහ කලා.. එයා හිනාවුනා.. මම එයා නිසා හිනාවුනා...

'' ජෝඩ්.... '' මගේ සිතිවිලිවලට බාධාකරමින් ඇහුන සද්දයට මම ඉක්මනින් ඔළුව උස්සලා බැලුවා... ටයිලර් මම දිහාවට දුවගෙන ආවා... එයා සමහර වෙලාවට පොඩි ළමයෙක් වගේ... සමහර වෙලාවට, ලොකු කෙනෙක් වගේ මාව බලාගන්නවා.. දවසින් දවස , මිනිත්තුවෙන් මිනිත්තුව , තත්පරයෙන් තත්පරය මම එයා වෙනුවෙන් ජීවත් වෙනවා කියලා මට දැනෙන්න ගත්තා..

පළවෙනි පාරට , මම වෙනකෙනෙක් වෙනුවෙන් උනත් ජීවත් වෙනවා... කවදාවත් මට ආයේ මම වෙනුවෙන් ජීවත් වෙන්න බැහැ කියලා මට තේරිලා ගිහින් ගොඩක් කල්... මම කලබලෙන්ම ඒ මෘදු ප්ලම්වගේ තොල් මගේ යටතට ගත්තා.. ටයිලර් හොදයි .. ඉක්මනින් ඉගෙන ගන්නවා..දැන් එයා දිව ඇතුලට දාලා කිස් කරන්නත් දන්නවා.... මගේ දක්ෂ කොල්ලා...

මම යන්තම් හිනාවෙන ගමන් ටයිලර්ව පොඩ්ඩක් පැත්තකට කලා...ඒත් එයා නම් අතඅරින පාටක් නැහැ...මගේ බෙල්ල වටේ තියන අත් දෙක හැමදාමත් මේ විදියට එතිලා තියෙන්න ඕන කියන එක විතරමයි මට හිතුනේ.... ඒ දිග ඇගිලි මගේ දිග කොණ්ඩේ අතරින් සියුම්ව එහා මෙහා යනකොට දැනෙන සනීපය හැමදාමත් විදින්න මට ඕන වුනා...

එයා හිනා වෙවී මාව ඇදගෙන ගියේ බිල්ඩින් එක ඉස්සරහා තිබුන , කොෆී ෂොප් එකට.... එයාට වාඩි වෙන්න පුටුව හදලා දීපු මම එයාගේ ඉස්සරහින්ම වාඩි වුනා... ටයිලර් ගොඩක් මෘද්‍ුයි.. එයා මලක් වගේ බලාගන්න මම මට පුළුවන් හැම විදියෙන්ම උත්සහ කලා... එයා රෝස මලක් නම් මම මලේ කටු තියන නටුව වෙනවා..කාටවත් එයාට ලේසියෙන් ලංවෙන්න දෙන්නේ නැහැ..

කඩේ , වේටර් මම ගාවට ඇවිත් හිනාවුනා..

'' සර්ට මොනවාද ඕනේ ? '' එයා ආචාරශීලි විදියට හිනාවෙලා ඇහුවා.

'' ආා.. ස්ට්‍රෝබෙරි මිලක් ෂේක් එකයි , බනනා මිල්ක්ෂේක් එකයි.. '' ඔක්කොටම කලින් ටයිලර් කියලා ඉවරයි.. මම එයා දිහා බලලා හිනාවුනා..

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now