Chapter 5

868 224 44
                                    

( Warning - ගොඩක් සංවෙදි අය ප්ලිස් කියවන්න එපා.. )

ඇදේ හාන්සිවෙලා ඉන්න එකත් කොච්චර අමාරුද කියලා තේරෙන්නේ දැන්.. කලින් දැනුන දුර්වල කම ඒ විදියටම දැනෙන්නේ නැතත් තාමත් ඇගට දැනෙන මහන්සිය එහෙමමයි.. ඒත් දැන් නම් මට සෑහෙන්න හොදයි වගේ...
මෘගයා නිශ්ශබ්දයි... අසරණයාත් නිශ්ශබ්දයි.. මේ අසාමාන්‍ය නිශ්ශබ්දතාව මට තේරෙන්නේ නෑ... ඒක ලොකු කුණාටුවක ආරම්භයක් වගේ..

ජෝඩ්න්..... මම යන්තමින් ඇස් දෙක ඇරියේ දොර පැත්තෙන් ඇහුන කටහඩට..ඒ කව්ද කියලා අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ,. මේ වෙලාවේ ටයිලර් ඇරෙන්න ගෙදර ඉන්න එකම කෙනා මම විතරනේ..
එයාගේ අතේ තිබුනේ සුප් එකක්.. ඒක උණුසුම් කියලා මට තේරුනේ ඒකෙන් පිටවුන දුම් මෙතනට උනත් හොදට පෙනුන නිසා..
එයා කාමරේ දොර ගාවට වෙලා හිටගෙන ඉදියේ ඇතලට එන්නද කියලා අහන්න වගේ.. හහ්.. එකපාරටම මොකද දන්නේ නෑ අවසර ගන්න හිතුනේ..

මම ඔළුව වැනුවේ ඇතුලට එන්න කියලා කියන්න...
ටයිලර් ඇතුලට ආවේ දොර හිමින් වහන ගමන්.. එක අතක තිබුන සුප් එක ඇද එහා පැත්තේ තිබුන මේසේ උඩින් පරිස්සමින් තියපු එයා මගේ නළළට අත තියලා බැලුවේ උණ අඩුවෙලා ද කියලා බලන්න....

දැන් අඩුයි ජෝඩ්න්....

ම්.. මම කිව්වේ ආයේම ඇස් දෙක වහගන්න ගමන්.. ඇස් දෙක වහගන්න තරමට මම මගේ ලෝකේ තනියම...

ජෝඩ්න්.... මේක බීලා ඉන්න.. එයා ටිකක් දරදඩු විදියට කිව්වේ මම ආයෙම නිදාගන්න කලින් සුප් එක පොවාගන්න හිතාගෙන වෙන්න ඕන..
හහ්.. එයාට ගෙදර යන්න හදිස්සියි.. ඔව්නේ.. එයා මොනවද මෙතන කරන්නේ.. එයත් ගොඩක් බිසී ෆැෂන් ඩිසයිනර් කෙනෙක් නේද ? හහ්..

ඔයාට ගෙදර යන්න කියලා මම සැරයක් කිව්වා නේ ද ? මම කෑගැහුවේ මගේ කේන්තිය උපරිම පාලනය කරගන්න ගමන්.. කේන්තිය මෘගයාට උත්තේජනයක් කියලා මම දන්නවා..

ටයිලර් බය උන ඇස් දෙකින් මගේ දිහා බලාගෙන ඉදියේ මම එකපාරටම කෑගහපු නිසා වෙන්නැති.. ඉතින්.. මට මොකද එයාට ඕන ඉක්මනට ගෙදර යන්න නම් යන්න කියලා කිව්වම යන්න බැරිද..
මලසමයං... හිතාගෙන ඇත්තේ ඔය බෝල ඇස් දෙක දැම්මම මම අහුවෙයි කියලා.. පුහ්..

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now