Chapter 15 [The End}

1.1K 192 192
                                    

දවල් මීටින් එක ඉවර කරලා , ලෝයර් ස්මිත්ව හම්බුවෙලා ආපහු එන ගමන් මම ටයිලර්ට කෝල් එකක් ගත්තේ එයාගේ කටහඩ හරි අහන්න තිබුන ඕනකම නිසා...

ටයිලර් ආන්ස්වර් කලේ නැහැ..

ඔව් ... එයා රටේම නම ගියපු අංක එකේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.. එයා ආන්සර් කළොත් තමා මේ ජෝඩ්න් පුදුම වෙන්නේ.. ඒ තරම්ම එයා ගොඩක් බිසී....

ටයිලර් හම්බුනායින් පස්සේ මම කවදාවත් මිනිස්සුන්ට උනත් සත්තු වගේ සලකන අපායට ගියේ නැහැ.... මට ආයේමත් යන්න ඕන වුනේ නැහැ.. දූවිලි ගොඩක් වගේ ඇවිස්සිලා තිබුන හිත වතුර දාලා නිව්වා වගේ සන්සුන් වෙලා තිබුනා...

මම කෙලින්ම ඉස්සරහා වංගුවෙන් වාහනය දකුණට හරවන්න කියලා ඩ්‍රයිවර්ට උපදෙස් දෙන ගමන් , අතේ තිබුන ඉවර කරපු අයිස්ඩ් ඇමරිකානෝ කප් එක කාර් එකේ කප් හෝල්ඩර් එකේ රැදෙව්වේ කකුලක් උඩන් කකුලක් දාන ගමන්..

එයා ටිකෙන් ටික මගේ ඇතුළේ හැංගිලා ඉදපු පුංචි අවුරුදු පහේ ජෝඩ් එළියට ගත්තේ ටයිලර්... එයාගේ හැම කිස් එකකම , හැම ටච් එකකින්ම එයා මම කව් ද කියලා මට මතක් කරලා දුන්නා..

මෘගයාගේ නිහඩතාවය මුලින් පුරුදු නොවුනත් මම ඒකට හුරු වෙන්න ගත්තා...

මොකද සමහර වෙලාවට ටයිලර් ගෙනාවේ ලොකු සැනසීමක්...

කාර් එක ටයිලර් වැඩ කරන බිල්ඩින් එක ගාව නැවැත්තුවා.. මීට කලින් කවදාවත් මම ඇතුළට ගිහිල්ලා නැහැ ...... මොකද මම යනකොට ටයිලර් හැමදාම එළියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා.. අපි දෙන්නා උණුසුම් හාදුගොඩක් හුවමාරු කරගත්තාට පස්සේ අපි දෙන්නටම සිහියක් නෑ අපි කොහේද ඉන්නේ කියලා....

මම ඔෆිස් එකේ කොරිඩෝ එකේ දිගේ ඇවිදගෙන ගියා.. හැමදාම වගේ මගේ දිහාවට එල්ල වුණු ගොඩක් ඇස් මගේ ඇගපුරා ගියේ මාව අපහසුතාවයට පත් කරමින්

එයාලා මොනවා ද කරන්නේ මගේ බාහිර පෙනුම බලලා මම කව් ද කියලා තීරණය කරනවා ඇති... නැත්තන් මට කොච්චර සල්ලි තියෙනවා , මම බැදලා ද කියලා කල්පනා කරනවා ඇති.. ඒ අතරේ මගේ කකුලින් අදින්නේ කොහොම ද ? මාව වට්ටන්නේ කොහොම ද කියලා කල්පනා කරන අයත් ඇති ඕන තරම්.. මොකද ඒක මේ ලෝකේ හැටිනේ..

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now