Chapter 4

986 228 37
                                    

ගිනි ගොඩකට මැදි වුන ප්ලාස්ටික් කෑල්ලක් වගේ මගේ ඇට, මස් , ලේ ඇඹරිලා යනවා මට දැනුනා... මුළු ඇගම ගිනි ගොඩක ඉන්නවා වගේ ගිනිගන්නවා..ඒත් ඔළුව ගොඩක් සීතලයි... සීතලට මම ගුලි උනා...
මම ඉදියේ ලොකු සුදුපාට තිර එල්ලලා ඉදපු අදුරු තැනක... මම බිම වැතිරිලා ඉදිය බවත් එතන ගොඩක් සීතල බවත් මට තේරුනා...එතන තිබුන සුදු තිරයක් මම තදින් අල්ලලා ගුලි කරගත්තේ මගේ ඔළුව තවත් රිදෙන්න ගනිද්දි...
ඒ අතරින් මට මැවුනේ ලේ ගෑවිලා තිබුන මගේ අත් දෙක....

හැමදෙයක්ම ඉවරයි... තවත් අදුරට මම එන්න එන්නම වැටුනා....
සීතල අතරින් වැටුනා... මට දැනුනේ නිමක් නැති පල්ලමක මම තාමත් වැටෙනවා කියලා...
පොළොවේ සුවපහසු තැනක මම රැදුනා... මට දැන්ම ඇස් අරින්න ඕන වුනේ නෑ,..
ඒත් ඇස් දෙකට දැනුන උණුසුම නිසා මම ඇස් දෙක ඇරිලා..

කාමරේ ජනේලෙන් වැටුන ඉර එළිය මගේ මූණට වැටිලා තිබුනා... මගේ වෙහෙසකාරී දෑස් මම යොමු කලේ මම කොහේ ද ඉන්නේ කියලා බලන්න...
මම ඉදියේ මගේ කාමරේ... නළල උඩ තියලා තිබුන තෙත රෙදි කෑල්ලට මගේ අත ගියේ ඉබේටම...
මගේ කකුල ගාවින් දැනුන තරමක බර නිසා මම ඔළුව අමාරුවෙන් උනත් උස්සලා බැලුවා..
ටයිලර් ??? ඔව්.. ටයිලර්ම තමා... මගේ කකුල උඩ ඔළුව තියාගෙන නිදි.. සැහැල්ලුවෙන් නිදි.. එයාගේ එක අතක තෙත රෙදි කෑල්ලක් තිබුනා.. එහා පැත්තේ මේසේ උඩ පුංචි වතුර බේසමක් තිබුනා..
එයාගේ අත් දෙකේ ලේ ගෑවිලාවත් නෑ,..

ඒක තවත් භායානක හීනයක් විතරයි එහෙනම්... මම ආයේම ඔළුව කොට්ටය උඩින් තියාගත්තේ බර ගතියක් දැනෙන්න ගත්ත නිසා...

ලොකු හුස්මක් පිට කරන ගමන් මම හිතුවේ මට පෙනුන දේවල් අමතක කරන්න පුළුවන් ද කියලා... අද මෙහෙම උනත් ආයේම දවසක මේ විදියටම ඒක එක නරක හීනයක් විතරක්ම වෙයි කියලා මට සහතික කරන්න පුළුවන් ද? මේ දේවල් ඇත්තටම වෙන්න කලින් ටයිලර්ව මගෙන් පුළුවන් තරම් ඈතට යවන්න ඕන...

අත උස්සන එකත් නිකන් හරියට කිලෝ 50ක් උස්සනවා වගේ.. මම අමාරුවෙන් ටයිලර්ට තට්ටු කලේ එයාව නැගිට්ටවන්න....
පොඩි ලමයෙක් වගේ මගේ කකුලත් බදාගෙන නිදාගෙන ඉන්න ටයිලර්ව නැගිට්ටවන්න ලෝබ හිතුනත් තව මෙහෙම ඉන්න එකෙන් කරදර වෙන්නේ එයාටමයි...

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now