Chapter 7

828 223 71
                                    

Warning 🚫 - {Abuse / rape there ! Pls , Read clam, Stay clam... පොඩ්ඩක් හරි අමාරුනම් කරුණාකරලා කියවන එක නවත්තන්න.. I am not accepting child abuse, I am totaly against it ! This scene is only for story ! }

_____________________________________________

මම හිර වෙලා ඉන්නේ කොහේද ? මම දන්නවා මේක අමුතු දෙයක් නෙවේ කියලා.. මේ හැමදෙයක්ම එක් මොහොතක් විතරක් වගේ.... ඇත්ත වෙන්නේ නැති ගොඩක් දේවල් මවාගෙන අවුරුදු ගාණක් ජීවත් වුන මට මේ දේවල් හොදට පුරුදුයි...

පුංචි කොල්ලා නැත්තන් මගේම අතීතය Beauty and the Beast පොත තුරුළු කරගෙන අඩනවා මම බලාගෙන ඉදියේ මම ගැනම අනුකම්පාවක් දැනෙද්දී,..
මේ දේවල් අමතක වෙලා යනතරමට මගේ සිතිවිලි සංකිර්ණ වෙලා තිබුනා..

පුංචි ජෝඩ් දොර දිහා දෙතුන් පාරක් බැලුවේ හරියට අක්කා ඇවිත් එයාට පොත කියවයි කියලා බලාපොරොත්තුවෙන්...
අක්කා ආයේම එන්නේ නෑ කියලා දන්නේ නැතුව පොතත් තියාගෙන බලාගෙන ඉදපු මගේම අතීතය මගේ හදවතට ලොකු වේදනාවක් ගෙනාවා...

පාළුව තනිකම හැමදෙයක්ම මගේ හිතට දැනෙන්න ගත්තේ මගේ අතීතය ගැන ලොකු අනුකම්පාවක් මට දැනේද්දී,. මේ දේවල් වෙනස් උනානම්.... සමහර විට මම නිදහසේ හුස්ම ගන්න මනුස්සයෙක් වෙන්න තිබුනා මෘගයෙක් නොවී...
ඒත් මේ දේවල් මෙතනින් ඉවරයි කියලා මම හිතුවා නම් මම වැරදි කියලා තේරුනේ දැන්...

මගේ සිතිවිලිවලට බාධා කරමින් කාමරේ දොර ඇරුනේ මහ හඩින් දොර දඩාස් ගාලා වැදෙද්දී,...

පපා ? පුංචි කොල්ලා බයෙන් වගේ දොර දිහා බැලුවේ මගේ බැල්මත් ඒ පැත්තට යොමු වෙද්දී,.. මතකයෙන් මැකිලා ගිහින් තිබුන පපා දිහා මම බලාගෙන ඉදියේ පුදුමෙන්.. පපා මම ඉපදුන දවසේ ඉදන් ස්විට්සර්ලන්ඩ්වල ඉදියා කියලායි ඔම්මා මට කියලා තියෙන්නේ... මම පුදුමෙන් බලාගෙන ඉදියේ දොරත් ඇරගෙන කාමරේට ආපු පපා දිහා. පපාව මගේ මතකයෙන් අයින් වෙලාම ගිහින් තිබුනත් ඇස් දෙකත් රතුවෙලා තිබුන පපාව දැක්කම වගේ ඇග වෙව්ලන්න ගත්තේ කරන්ට් එකක් වැදුනා වගේ...

මොකද පුතා අක්කා නැතුව පාලුවෙන්ද ? පපා ඇහුවේ පුංචි කොල්ලාගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්..

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now