CHAPTER 3

1.4K 333 17
                                    

🖤🖤 BLACK DRAGON'S LOVE 🖤🖤
Chapter 3

"...................  ඇත්තටම රෑට මම වෘක්කයෙක් වෙනවා....ඒක  අපේ පරම්පරාව නිසා මට ලැබුනු ශාපයක්......අනේ ජිමින් කාටවත් කියන්න එපා මේ ගැන ......"

" මි...මිකී.....මොනාද මේ කියවන්නේ....ඔයා වෘක්කයෙක්......ඔ...ඔ....ඔයාට පිස්සු හැදිලද.....ඇත්තටමද මිකී"

මිකී ජිමින් දිහා ඇස් හීනි කරලා බලාගෙන හිටියේ....ඒකට ජිමින්....ඇස් දෙක එලියට පනින්න වගේ බලාගෙන හිටියේ.......එක  පාරටම මිකී ජිමින්ගෙ නලලට තට්ටුවක් දැම්මෙ කටින් මහ හිනාවකුත් එලියට දාගෙනමයි.....ජිමින්නම් තාමත් කන්ෆියුස්.....මිකී බිම පෙරලිලත් හිනාවෙනවා.....ටිකකින් බොහොම අමාරුවෙන් දොරත් අල්ලන් නැගිට්ටෙ ජිමින්ව ගිනි ගන්නෝ වගේ දැක්ක නිසා.....

" යාහ්...ජිමින්....අම්මො මගෙ බඩ.....ඕයි...මම විහිලුවක් කලේ....යකූ.....එපාට්මන්ට් එක අයිති අජුම්මා දැක්කොත් තමුසෙ මහ රෑවෙලා මගේ ගෙදරින් එලියට යනෝ...මාව කම්බස් කරලා ...බාබකියු දාලා...මරලා හංගාවි......ඒයි ජිමින් ඔහොම ඉන්නවා...."

මිකී කතාවෙ බාගයක් කරගෙන යනකොටම ජිමින්ට මිකී කරපු කුපාඩි වැඩේ හොදට තේරුනා....කෙල්ලගෙ කොන්ඩෙත් අතට ගලවලා මූනටත් දෙකක් අනිනම හිතාගෙන දොර ගාවට පැන්නට මිකී ජිමින්ට වඩා වෙගවත් වුනා....ගත්ත ගමන් ජිමින්ගෙ අසරන නාස් පොඩිත්ත මූනටම චොර වෙලා යන්න දොර වැහැව්වෙ තව හයියෙන් හිනා වෙන ගමන්මයි....

ජිමින් යකෙක් වගේ මිකීගෙ දොර ගාව බෙරිහන් දෙනෝ..මිකී නෙමෙයි ගනන් ගන්නේ...විනාඩි පහක් විතර ජිමින් කෙල්ලගෙ දොර ඉස්සරහ කිරි කොරහ නටලා පස්සෙ යන්නෙ ගියෙ යුනිවසිටි එකේදි වැඩක් දෙන්න හිතාගෙන............
.
.
.
.
.
.
(Next day )

" ඔය එන්නෙ නාරිලතා වන වන ....ඊයෙ රෑ  මගේ නහය උඩ අයිස් තියාගෙන ඉදලා නහය නිකන් ජම්බුවක් වගේ...ඉන්නකො දෙන්න හොද වැඩක්"

උදේ ඉදන්ම ජිමින් වටේ කැරකෙන් කෙල්ලොන්ගෙන් එක්කෙක්ව ලගට අරන් මිකී එන පැත්තටම ගැම්මෙන් ඇවිදගෙන් ගියා..( කස්ටිය...හැමදාම උදේට ජිමින්ගෙ වටේ කෙල්ලො කැරකෙන එක ඉතාමත් සාමාන්‍ය දසුනක් බව කරුනාවෙන් සලකන්න හොදේ 😅😅)

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now