chapter 21 part 2

1.1K 270 24
                                    

🖤🖤 BLACK GRAGON'S LOVE 🖤🖤
🖤🖤 CHAPTER 21 PART 2 🖤🖤

ඒක නිකන් උබ මැරියන් කියලා නොකියා කිව්වා වගේනේ....😒😒ඔය වගේ දේවල් වලින් තමයි මිකී ජිමින්ට රිද්ද රිද්ද ඈත් කලේ
.
.
.
.

ඒ සිද්දියෙන් පස්සෙ ජිමින් ආයෙමත් මිකී ලගට වැඩිය ලං වුනේ නෑ...
.
.
.
.

- night -

මිකී එලියේ ගාඩ්න් එකට ගියෙ රෑ අහසෙ ලස්සන බලන්න.... මිකීගේ ඇස් වල ලාවට කදුලු පටලයක් බැදිලා තිබ්බා....

" ඔම්මා...ඔප්පා...miss you .. මම ආදරේ කරන අයව ඇයි එච්චර ඉක්මනට ඈත් වෙන්නෙ... ඔප්පා ඔයා හිටියනම් මගේ කදුලු පිහදාන්න.කොච්චර හොදද...මම තනිවෙලා වගේ..."

" ඔයාගේ ඔන්නිටත් පුලුවන් මගේ නංගිගේ කදුලු පිහදාන්න මිකී... කැමති නැද්ද ඔප්පට වගේ ඔන්නිට තුරුල් වෙලා ඉන්න...ඔයාගේ ඔප්ප තරමටම නැතත් මං ගාවත් ඔයාට උනුහුමට ගුලි වෙන්න පුලුවන් මැනික...🙂🙂🙂"

මිකී කදුලු පිරිච්ච ඇස් දෙකෙන් ඔන්නි දිහා බලන් හිටියේ  හරියට අසරන වෙලා
..

ඔන්නි පරිස්සමින් ගිහින් මිකී ලගින් වාඩිවෙලා මිකීව තුරුල් කරගත්තා...මිකී ඒ අවසරෙන්ම ඔන්නිගේ උරහිසේ මූන හංගගත්තා.....

" මිකී ඔය දෙන්නම බොරුවට දෙපැත්තට වෙලා දුක් විදිනවා...ජිමින්ට අවස්තාවක් දෙන්න හිතෙන්නෙ නැද්ද කෙල්ලෙ..."

ඒක අහපු සැනින් මිකී නැගිටලා ඔන්නි දිහා බලන් හිටියේ හැගීමක් නැතුව...

" ඔන්නි ආවෙ ඒ මනුස්සයා ගැන කතා කරන්නද...මම එහෙනම් යන්නම්.."

මිකී යන්න හදනකොට ඔන්නි හිටපු විදියටම කතා කරන්න ගත්තා....

" මිකී හැමදේකම දෙපැත්තක් තියෙනවා...ඉතින් ඔයා ඇයි ඔච්චර ආත්මාර්තකාමි අන්දයෙක් වගේ වැඩ කරන්නේ...ඔයා ඔයාව සාදාරනීකරනය කරන්...ඔයා ඒකෙන් ඔයාගෙ ඇස් කන් වහන් ... ඇයි අනිත් කෙනාගේ කතාව දැනගන්න ඕනි නැද්ද මිකී.... මම දන්නවා ලොකු වැරැද්දක් ජිමින් අතින් වුනා කියලා...ඒත් එයාටත් එහෙම උනේ මොකද ලියලා දැනගන්න ඕනි නැද්ද..ඇවිත් මෙතනින් වාඩිවෙන්න 🙂🙂..."

මිකී එතනින් වාඩිවෙලා ඔන්නි කතා කරන්න කලින් කතාව පටන් ගත්තා...එයාගේ ඇස් ඉස්සරහා ඔප්පා මැරුන හැටි...ඔන්නි ප්‍රෙග්නට් නිසා මෙහෙම කතාවක් එයා ඉස්සරහා කිව්ව එකට මිකී හිත ඇතුලෙන් සමාව ඉල්ලුවා....

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now