1st Meow🥀

1.6K 295 29
                                    


Hana pov

" ම්ම්ම්ම් බොගෝශිප්පෝ..........!!! "

මං ලොකු හුස්මක් පිට කලේ ජනේලෙන් එලිය බලන ගමන්.. මගේ කටෙන් එහෙම වචනයක් පිටවුනේ ඇයි කියලා මංවත් දන්නේ නෑ... ඒත් මං එහෙම කිව්වේ කාගෙදෝ අපහැදිලි රූපයක් මගේ ඇස් ඉස්සරහා මැවෙද්දියි.. වැටෙන්න ඔන්න මෙන්න තිබුන කඳුලු බින්ඳුත් පිහිදන් මං කල්පනා කලේ සැරෙන් සැරේ මගේ ඔලුවේ ඇදෙන ඒ රූපේ කවුද කියලයි...

" යා ටුටූ.... අස් කරනවකෝ.. මගේ පන යනවනේ......"

මම ගැස්සිලා අනික් පැත්ත බැලුවේ මගේ ආදරනීය සහෝදර යානාවගේ බෙලෙක් වොයිස් එකට... කොහෙද ඉතින් සැහ් මගේ මනෝලෝකේ කෑවා..

" අහා!!! පණ පලයන් ලබන සුමානේ..... කොහෙ යනවද මේ මරගාතේ...!!!! කැරකිලා... පණ පලයන් ලබන සුමානේ.... කොහෙ යනවද මේ මරගාතේ.... අහා.. කැරකිලා දෙකට නැමිලා........... හොබා කෝ හරියට තාලේ අල්ලනවකෝ..."

" හිටහම් රත්තරන් නම්කියේ මේ එනෝ... ගුමර ටපර ගුමර ටපර... "

මං කියද්දි මගේ සහෝදර පරානේ කිචන් එකට ගිහින් ස්ටීල් භාජනේකුත් උස්සන් ආවා....

" කෝ පටන් ගන්න.... "

" අහා පණ පලයන් ලබන සුමානේ....කොහෙ යනවද මේ මරගාතේ.... කැරකිලා..."

මම කොස්සත් අතේ තියන් කියද්දි මගේ අයියත් ඒකටම හරියන්න පිස්සෙක් වගේ එයාගෙ දඟරපනු ඩාන්ස් එක දාන්න ගත්තා...අද ඉරිදා... මේ හිමිදිරි පාන්දර දහයට අපි දෙන්නා ගේ අස් කරන්න ගත්තේ අද ගේ අස් කරන දවස නිසයි... මොකද මගේ හොබාට පිලිවෙල කියන එක අංක එක.....

මලහත්තිලව්යි තව ටිකෙන් මං ගැන කියන්න අමතක වෙනවා.. මේ උදේ පාන්දර මේසයක් උඩ නැගන් දහඅට වන්නම නටන මං ජන්ග් හනා... මම වයස 23 ක් උන අහිම්සක ජීවියෙක්.... ගෙදරට වෙලා ඉදන් ගේ බලාගන්න එක තමයි මගේ නිත්‍ය රැකියාව... ඒ අතර තුරේ අයියගේ සැලරි එකට වගකියමින් කා.බෝ.නී තනතුරේ අඛණ්ඩ ලෙස රාජකාරි කරන ගමන් ඉන්නේ...

ආ .... කා.බෝ.නී කියන්නේ කනවා.. බොනවා.. නිදියනවා.. මම ගෙදර ඉදන් කරන්නේ ඒක... මොකද මගේ අයියා පරානේ කැමති නෑ මං රස්සාවක් කරනවට... ඇරත් මාව තැනකට යවන්න බෑ කියලයි එයා නම් කියන්නේ ... ඒ උනාට මම ඒ තරම් නරක නෑ .. අපි දෙන්නා ඉන්නේ තනියෙම...අයියගේ සැලරි එකෙන් තමා හැමදේම කරන්නේ...

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now