Last Meow🥀

815 207 22
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
--------------------------------------------------------------------------------

The Last Meow ( අවසාන කොටස )🥀

හේරා වියරුවෙන් හිනා වෙන ගමන් එයාගෙ බලයෙන් කඩුවට පණ දීලා කඩුව එව්වේ මගේ දිහාවට... ඒ එක්කම වගේ ජූන් ඔප්පා එයාගෙ බලය පාවිච්චි කරලා කට්ටියවම ලෙහලා දාද්දි මම දැක්කා හොබා මගේ පැත්තට දුවන් එනවා..

Hana pov end.......................

*******************************************

Author pov~

" හොබා..."

හනාට කියාගන්න පුලුවන් උනේ එච්චරයි ... බඩ හරියෙන් ලොකු වේදනාවක් දැනුන නිසාම හනා එහෙම්ම ඇස් පියා ගත්තේ කලින් වතාවේ උන දේවල් එකින් එක මතක් වෙද්දියි.... ඒ තමන්ගේ අන්තිම මොහොත කියලා තේරුම් ගත්තු හනා අන්තිම වතාවට යුන්ගි දිහා බලලා ඇස් වහ ගත්තේ තවත් නැති වෙන්න දෙයක් නෑ කියලා දැනුන නිසයි....

" ඔම්මා...!! "

හනාට දැනුන වේදනාව එන්න එන්නම වැඩි වෙද්දි කෙල්ලගෙ අත ඉබේම ගියේ බඩ හරියට.... අතට තෙත ගතියක් දැනෙද්දි හනා ඇස් වහගෙනම ඔලුව පහතට හරවලා බලද්දි දැක්කේ බඩෙන් ගලාගෙන ආව ලේ... ඒත් ඒ තිබුනේ කඩුව නිසා ඇති උන තුවාලයක් නම් නෙමේ... ඒ හඳ නිසා ඇති උන තුවාලේ... ඒක එන්න එන්න වැඩි වෙන්න ගත්තේ හනාගේ කොන්ඩෙත් නිල් පාටට හැරෙද්දියි... ඒ එක්කම හනා බැලුවෙ අහස දිහා... චන්ද්‍ර ග්‍රහනය ටිකෙන් ටික ඉවර වෙලා යන ගමන් තිබුනේ ඒ වෙද්දි..

( එතකොට ... එතකොට කෝ කඩුව...???)

හනා එහෙම්ම බඩත් අල්ල ගෙන අමාරුවෙන් ඉස්සරහා බලද්දි දැක්කේ තමන්ට අඩි කීපයක් ඉස්සරහෙන් හිටිය බෝගම්ව... අසිහියෙන් වගේ හිටපු හනාගේ ඇස් වලින් කඳුලු එන්න ගත්තේ තමන් ඉස්සරහා දණ ගහන් හිටපු බෝගම්ව දැකලා... කඩුවෙ එක පැත්තක් බෝගම්ගේ ඇඟ පසාරු කරගෙන ඇවිත් තිබුනේ කොල්ලගේ කටෙනුත් ලේ ගලාගෙන එද්දියි... ඒත් ඒ අහිංසක හිනාව තාමත් එහෙම්මම රැඳිලා තිබුනේ... බෝගම් කඳුලු පුරව ගෙන හනා දිහා බලාගෙනයි හිටියේ.

" අ...අන්දේ... ඔ...ඔප්පා... අනේ මේ .... මොකද්ද ..... ක්... කරගත්තේ...???"

" හ්...හනා..... න්..නො.. ක්..වෙන්...චා..නා?? "

MEOW MEOW || MYG ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon