9th Meow 🥀

671 219 12
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------

9th Meow🥀
Still Yoongi pov~

හනා මොනවාහරි කිව්වා... ඒත් මට හරියට ඇහුනේ නෑ... හනාව දකිද්දි ඉබේම මගේ ඇස් වලට කඳුලු එද්දි මම කලේ හනාව ඇදලා අරන් තුරුල් කරගත්තු එක...

" ඔ..ඔප්පේ... මට හුස්ම ගන්න බෑනේ... බෙල්ල බෙල්ල..."

" ම්...මියානේ.... මම එන්නම්...ඔයා යන්න ..."

හනා කියද්දි මම එයාව එහාට කරලා ඉක්මනට දොර වහගත්තේ හනාට මොකද්ද කියන්නේ කියලා හිතන ගමන්... ඒත් ඒ මෝඩි.... මට ඇහුනා හෙමීට කුටු කුටු ගානවා.. එයාට ඒක මහ මෙරක් තරම්... පිස්සු කෙල්ල... අනේ මන්දා මොන නැකතේ ඉපදිලාද මන්දා....
.
.
.
.

" ඔම්මා.....ආයිශ් නම්ජූනා......!!!! "

බාත්රූම් එකේ ඉදන් එලියට ආපු මං දැක්කේ නම්ජූන්ව... මිනිහා බැරෑරුම් මූනක් එක්ක කාමරේ පුරා සක්මන් කරනවා.. මේ යකා අඳින්නෙම කලුපාට... බය වෙන එක අහන්න දෙයක් නෙමේ නේ...

" බය උනා පූසෝ..."

නම්ජූන් කිව්වේ පපුවත් අල්ලන්... ඉන්න හැටි පැති කුදය ගහලා වගේ...

" දැන් මොකද ආවේ...?? "

" හොබී... "

" ඉතින් එයාගේ කාඩ් එක ලැබුනා... මං දන්නවා මම මේක කියන එක තහනම්... ඒත් මේක කියන්න හිතුනා.. ඕනේ දේකට මම ඉන්නවා..."

ජූනා කියද්දි මම ටිකක් කලබල උනේ හොබීට මොකද්ද තියෙන කර්දරේ කියලා කල්පනා කරන ගමන්... වෙලාවකට ජූන්ව තේරුම් ගන්නම බෑ... වෙලාවකට මරාගන්න යනවා... අපි දෙන්නට දෙන්නව පේන්න බැරි උනත් හැමදාමත් කරදරේකදි අපි එකටම ඉඳියා... ජූනුයි මායි තරහා වෙන්න හේතුව මං... මේ ගෙවුන අවුරුදු දාහට හේසුගේ රූපේ එක එක කට්ටියගෙන් මං දැක්කා... ඒ හේසු නොවුනත් එයාලා හැමකෙනෙක්ගෙම මරණ නිවේදන ලැබෙද්දි මං ඒවට හරස් උනා... මං නිසා ජූන්ගේ දඬුවම් කාලය දික් උනා.. මොකද එයා මට ඒ කාඩ් පෙන්නුවා... ඒත් මම ඒ හේසු නොවන බව දැන දැනත් ඒවා නැවැත්තුවා... මොකද මම ඒ රූපෙටත් ඒ තරම් ආදරේ කලා... ඒත් මට ඒ හැමකෙනාම මැරෙන එක නවත්තගන්න බැරි උනා... මොකද ජූන් ඒවට හරස් උආ.. එදා ඉදන් අපි මෙහෙමයි...

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now