7th Meow🥀

720 224 28
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------

7th Meow🥀

මං පුලුවන් තරම් හයියෙන් කෑගැහුවේ උදව් ඉල්ලන්න... මොකද මම බය උනා එක පාරට ඒ සතා මනුස්සයෙක් වෙද්දි... නිල් පාටෙන් අමුතු දියරයක් මුනින් අතට වැටිලා හිටපු එයාගේ බඩ හරියෙන් ගලාගෙන එද්දි මම හෙමින් එයාට කිට්ටු කරලා අනික් පැත්ත හැරෙව්වා... දැකපු දේ විශ්වාස කරන්න බැරුව මම ආයෙම ඇස් දෙක පිහිදලා බැලුවේ මේ දකින්නෙ හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්...

" ය්...යු...යුන්ගි ඔප්පේ......."

යුන්ගි ඔප්පා ඇත්තටම පූසෙක්... එයාගේ සුදු පාට හිම වගේ කොන්ඩේ දැන් නිල්ම නිල් පාටයි.... ඒ ඇස් වල වේදනාවක් තිබුනේ... හැම තැනම තිබුන තුවාල කැලල් දකිද්දී මට දැනුනේ කියාගන්න බැරි වේදනාවක්

" හ්..හේසූ....."

ආයේ හේසුවෙක් ගානවා... ශුවර් එකට මෙයාව දාලා ගිහින් තියෙන්නේ ඔය හේසු කියන කෙනා තමයි... තඩි බූටක් කාලද කොහෙද මේ පූසා...

" ඔප්පා... නෝ ක්වෙන්චානා?? "

මම ඇහුවෙ යුන්ගි ඔප්පගෙ ඔලුව මගේ උකුල උඩින් තියාගන්න ගමන්.... එයාගේ මුලු ඇඟේම තුවාල පාරවල් තිබුනා... ඒ මදිවට හොඳටම බ්ලීඩ් වෙනවා ... මේ ගෙදර මිනිස්සු මැරිලද මන්දා මගුල...

" හොබා............"

" මොකද වදේ.....??? "

ඒ එක්කම නිදිමරගාතේ පහලට ආපු හොබා පපුවත් අල්ලගෙන බය වෙලා මං දිහා බලන් ඉඳියා...ඒ එක්කම එයා ඇවිත් මාව සුගතන් ඔප්පගෙන් ඈත් කරන්න හැදුවේ බයට වෙන්න ඇති..

" ඔප්පා ... ටිකක් ඉන්න..."

මම හොබාගේ අතෙන් අල්ලන ගමන් කියද්දි එයා පස්සට උනා....තාමත් සුගතන් ඔප්පා අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඉඳියේ... මම එක අතකින් එයාගේ ඔලුව අතගාන ගමන් අනෙක් අතෙන් එයාගෙ අතක් හයියෙන් අල්ලන් හිටියා.. එයා තාමත් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් හිටියේ ... මුලු ඇඟම අප්‍රාණිකයි

" බෝගම් ඔප්පේ... මේවට බෙහෙත් දාන්න බැරිද..??? "

" කරන්න මුකුත්ම නෑ හනා... අද හඳ පායලා තිබුනා නම් මේ වෙද්දිත් ඔය තුවාල සනීපයි.. මොකද ඕවා බෙහෙත් වලින් හොඳ කරන්න බෑ අපිට... සුගා දැන් දුර්වලයි ඊලඟ පුරහඳ දවස වෙනකන්..."

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now