The hidden writer's love story

129 24 71
                                    

Part -04

ටේ යූජී අතර සම්බන්දෙ දුරදිග යන්න ඒ හැටි කාලයක් ගියේ නෑ...යූජී ටේට පිස්සුවෙන් වගේ ආදරෙ කරා.. ... ඒත් ටේ කවදාවත් යූජී ආදරෙයි කියන වචනෙ කියල තිබුන්නෑ...ඒත් ටේගෙ හැම බැල්මකින්ම හැම හැසිරීමකින්ම යූජීට නොසෑහෙන්න ආදරේ  පෙන්නුවා...

සීතල රැයවල්  එකින් එක යූජීටත් නොදැනීම ගෙවිලා ගියේ ටේගේ උනුහුම මැද්දෙමයි.. ටේගෙන් ලැබුන ඒ සියුම් ස්පර්ශ වලටත් කෙල්ල මහ හුගක් ලෝබකම් කරා...ටේත් නින්දෙනුත් යූජීට තුරුල් වෙලා හෙවුවෙ ඒ උනුහුමමයි...❤️

    යූජීට ටේට යූජි ඇත්තටම කවුද කියලා කියන්න ඕනි උනත් යූ ජී පසු බැස්සෙ එකම එක හේතුවක් නිසා...ඒ.... ටේගෙ පරන ආදරේ,, ටේගෙ බිදුනු හිත ඒ කලින් යූජී දන්නම කෙනෙක් කියලා කෙල්ලට දැනගන්න ලැබුනු නිසා...

   ටේගෙ ගෙදර තිබිලා යූජීට හම්බුනු හරිම හුරුපුරුදු මූනක 4ටො එකක්.. "" සියා"" ..... එකෙ හිටියේ ටේයී සියායි එකට.. ටේ එතන හිටියා වගෙ හිනාවෙලා ඉන්නවා යූ ජී කවම කවදාවත් දැකලා තිබුනේ නැහෑ..ටේට තිබ්බෙ boxysmile එකක්.. ඒ ඇස් හීනි වෙලා ටේ හිටියෙ පුදුම සතුටකින්..සියාත් එහෙමයි..සියා යූජීලගෙ පවුලත් එක්ක business  කරපු හැන් මහත්තයගෙ දුව.... යූජීයි සියායි යාලුවො නොවුනත් දෙන්නා එකිනෙකාව හොදට අදුරනවා..සියා ඕස්ට්‍රේලියා වලට ගියා කියලා හැන් අංකල් යූජීට කිවුවෙ මීට අවුරුදු 03කට කලින්.. එතකොට සියා ඒ ගිහින් තියෙන්නෙ ටේව තනි කරලා දාලද..😔 ටේ ඒ තරම් කාලයක් තනියම විදවලා..

   යු ජී වචනේකින්වත් ඒ ගැන කියන්නවත් අහන්නවත් නොගියේ සියාගෙ සම්බන්දයක් කෙල්ලට තියනවා කියලා ටේ දැන ගත්තොත් යුජීට ටේව නැතිවෙයි කියලා තිබ්බ බයටමයි...

    ටේගෙන් ""ආදරෙයි "" කියන වචනේවත් නාහා කෙල්ල ටේට ආදරේ කරේ.. අපිට ආදරේ ලබන්න බෑ..අපිට පුලුවන් ආදරේ දෙන්න විතරයි..යු ජී ඒ ගැන හොදින්ම දැනගෙන හිටියා.....පෙරලා වචනෙකින්වත් ආදරයක් බලාපොරොත්තු නොවීමට කෙල්ල ටේට ආදරේ කරේ ඒ නිසාමයී..

   කාලය ගත වුනා....ජීවිත වෙනස් වෙන්න ගතවෙන්න තත්පර ගානයි.. යූජී,ටේගෙ ආදර කතාවත් ඒ වගෙ වෙනස් වෙන්න කාලය ලං වෙලයි තිබ්බෙ....

seven notesOnde as histórias ganham vida. Descobre agora