gook's diary

115 17 24
                                    

Part -01

ගුක්ගේ දිනපොත...

2003.06.07
එයාලා මාව බලන්න ආපු දවස අද.අපේ නගරෙ ඉන්න පෝසත්ම පවුලලු.මිස්ටර් කිම් ලග එන නගරාධිපති චන්ද අපේක්ශකයෙක්ලු.පොඩි මට ඒවා තේරෙන්නෑ .මට තාම වයස 6යිනෙ.ඒත් එයාලට හුගක් සල්ලි තියනවා කියලා පෙනුනා..අනාත නිවාසෙ මේට්‍රන් කිවුවෙ මන් ගොඩක් වාසනාවන්තයි කියලා..මන් ආස වුනෙ එයාලත් එක්ක ආව පොඩි පිරිමි ලමයට...මටත් සහෝදරයෙක් හම්බෙන්නයි යන්නෙ..එයා තමයි මට ඔයාව දුන්නෙ..ම්ම්..ඔයාට නමක්..🙄 හිතෙන්නෙම නෑනේ..කමක් නෑ..අද ඉදන් මගේ හැමදේම මන් ඔයාගෙ ලියනවා..ඔයා පරිස්සම් කරන්න ඕනි ඒවා හොදේ..මගේ යාලුවා ඔයා..

2003.06.12.

මන් අද මිස්ට කිම් ලගෙ ගෙදරට ආවා..අම්මෝ .. මෙහෙ හුගාක් ලොකුයි..තනියම එලියට ගියොත් මට ආපහු මගෙ කාමරේ හොයාගන්නත් බෑ..ශා..මිස්ට කිම් මට මෙහෙ තනියම කාමරයක් දුන්නා..අනාත නිවාසෙදි අපි ඔක්කොම හිටියෙ එකට.මෙච්චර ලොකු කාමරේක තනියම නිදාගන්නත් බයයි මන්.මන් කරුවලට බයයි .රෑ වෙනවට බයයි.මගෙ අලුත් සහෝදරයගෙ නම ටේ..එයා මට එයාගෙ කාමරෙත් පෙන්නුවා..හප්පේ..ඒකෙ ලොකු..සෙල්ලම් බඩු පිරිලා..මෙහෙ බඩ පිරෙන්න කන්න පුලුවන්..ගොඩාක් කෑම ජාති තියනවා..මන් ගොඩක් කෑවෙ නෑ..මිසිස් කිම් ඒම මුකුත් හිතුවොත්..අනෙ..අද මන් ඔයාගෙ ගොඩක් දේවල් ලිවුවා..ලියලා ඉවර කරන්න බෑ අනේ..ගොඩාක් දේවල් තියනවා අද ලියන්න..මට ගොඩාක් සතුටුයි..මට ටේ කතා කරන්නෙ කුකී කියලා..එ හින්දා අනිත් හැමෝමත් මට හැමෝම කතා කුකී කියලා🤭..

2003.06.14

ටේට තව පුංචි නංගියෙකුත් ඉන්නවා..නෑ..නංගි නෙවෙ.අපි දෙන්නම එකම වයසේ..ටේ තමයි අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. පුංචි ඇනා...අපි එක වයසෙ වුනාට එයා හරිම පුංචි අනේ මට වඩා..එයාට තිබුනෙ දිග කලු කොන්ඩයක්.එයාගෙ හම ගොඩාක් සුදුමැලී...ඒත් රොස මලක් වගේ...

2003.06.15.
මට ස්කූල් යන්නත් පුලුවන්..ටේ ගියෙ ලොකූ ස්කෝලෙකට..ඇනයි මමයි එකම ස්කෝලෙ එකම පංතියෙ..මිස්ට කිම්ගෙ ලොකු කාර් එකේ ගිහින් ටේව ස්කෝලෙ ගාවින් බහිනකොට මම දැක්කා..ටේගෙ ස්කෝලෙට තිබුනෙ ගොඩාක් ලොකු ගේට්ටුවක්..ඇනා මා එක්ක කතා කරන්නෑ..අඩු තරමෙ මූනවත් බලන්නෑ..එයා මා එක්ක තරහද?

seven notesWhere stories live. Discover now