The last kiss❤️

65 15 40
                                    

Part 05

මිසිස් ජෝන්ව හොයා ගත්තත් මිසිස් ජෝන් හිටියෙ අදික කම්පන තත්වයකින්..මිසිස් ජෝන්ගෙ කටින් එකම එකම වචනයක් වත් පිටවුනේ නැහැ.. නම්ජූන්ව අපරාද විමර්ශන ඒකකයෙන් අත්තඩංගුවට අරගෙන මාංචු දාලා අරන් ගියේ office එකේ සේවකයෝ වට වෙලා බලන් ඉද්දිමයි...💔

නඩුව සංකීර්නයි..පොලිසිය නම්ජූන්ට මොන  තරම් වද දුන්නත්  නම්ජූන්ගෙ කටින් එකම එක වචනයක් වත්  එලියට ගන්න පොලිසියට පුලුවන් වුනේ නැහැ.. ඒ අදුරු ශාලාව ඇතුලෙත් මිසිස් ජෝන් ඇරෙන්න වෙන සාක්ශියක් හොයාගන්නත් නැහැ...

නම්ජූන්ට විරුද්දව තිබුන එකම වැරැද්ද උනේ මිසිස් ජෝනව පැහැරගෙන හිර කරගෙන තබා ගැනීම. මිසිස් ජෝන්ගෙ ඇගිලි වල තිබ්බ තුවාල ඇරෙන්න වෙන ශාරීරික වද හිංසාවක් පිලිබද සාක්ශියක් තිබුනෙ නැහැ... දවස් තුන හතරක පස්සෙ මිසිස් ජෝන් යන්තන් වචන තුන හතරක් කතා කරා.. "" ඒ මිනිහා පිස්සෙක්.. ඒ මිනිහට පිස්සු ""   මිසිස් ජෝන් කතා කලේ එච්චරයි ...

නඩුව ආරම්භ උනා..නම්ජූන් අඩුමතරමෙ තමන්ට ලෝයර් කෙනෙක් වත් ඉල්ලලා තිබුනෙ නැහැ.. ඒ නිසා නම්ජූන් වෙනුවෙන් පෙනී හිටියෙ රජයේ නීතීඥයෙක්.. ඒත් එයාට නම්ජූන් වෙනුවෙන් කතා කරන්න කිසිම දෙයක් නෑ.එයා කලේ නඩුව පුරාම නිකන් වාඩි වෙලා බලන් හිටපු එක විතරයි...මොකද නම්ජූන් කිසිම විදිහකින් කතා කලේ නැති නිසා..

නඩුව සාක්ශි එක්ක ඉදිරියට ඇදිලා ගියා... සාක්ශි එකින් එක ඉදිරිපත් උනා .විරුද්ද පාර්ශවෙන් නම්ජූන්ගෙන් ප්‍රශ්න කරා.. ඒත් නම්ජූන් ඒ කිසිම දේකට උත්තර දුන්නෙ නෑ...නම්ජූන් හිටියෙ වෙනමම ලෝකෙක...
නම්ජූන් ඇස් පිල්ලමක්වත් නොගහ බලන් හිටියෙ ටීනා දිහා..

ඔව්.නම්ජූන් වෙනුවෙන් එයා ඇවිල්ලා තිබුනා... නම්ජූන් වෙනුවෙන් එදා උසාවියේ වාඩි වෙලා හිටපු එකම කෙනා වුනේ ටීනා.. ඇස් වලින් කදුලු වැටෙද්දි , නඩුවෙ විරුද්ද පාර්ශවෙන් සාක්ශි එකින් එක ඔප්පු කරද්දි ඇස් දුකින් ලොකු කරන්  , මුලු මූනම රතු කරන් අඩන ටීනා දිහා නම්ජූන් බලන් හිටියා.

********************

ටීනා හිටියෙ ලොකු වැඩක.. කේක් එකක් හදනවා.. ඇත්තම කිවුවොත් 🥴 සේරම කරේ නම්ජූන්. එයා කරේ යන්තන් අයිසින් වලින් ඩිසයින් කරපු එක විතරයි...

seven notesWhere stories live. Discover now