the last kiss❤️

76 15 53
                                    

Part -03

අතීතය වේදනාවක් උන හුගක් මිනිස්සු ගෙවුවෙ හරිම අභිරහස් ජීවිත..

නම්ජූන් පුංචි කාලෙ ඉදලම ගෙදර තිබුනෙ රන්ඩු විතරමයි.. සාමාන්‍ය පවුලක් උන නම්ජූන්ගෙ පවුලට ලොකුවට අග හිගකමක් තිබුනෙ නැහැ... ඒත් හැම රන්ඩුවකටම හේතුවක් උනේ නම්ජූන්ගෙ අම්මා... නම්ජූන්ගෙ අම්මට කාලෙන් කාලෙට එක එක පිරිමිත් එක්ක සම්බන්දකම් තිබුනා.. කාලයක් නම්ජූන්ගෙ අප්පා ඒවට රන්ඩු කර කර හිටියත් ටික කාලෙකින් එයත් වෙන සම්බන්දයක් පටන් ගත්තා... නම්ජූන් පවුලෙ එකම දරුවා වෙද්දි නම්ජූන්ට මේ හැම දේම තනියෙන් විද දරා ගන්න උනා... කාලෙකදි දෙන්නට වෙන් වෙන්න ඕනි උනා..

"" ජුන්ව ඔයා බාරගන්න,ඔයා බාරගන්න"" කියලා දෙන්නම නම්ජූනව දෙපැත්තට පාස් කරේ හරියට සෙල්ලම් බෝලයක් වගෙ .. ඒ කාලෙ නම්ජූන් පොඩි නෑ.. කොල්ලට වයස 16ක්.. නම්ජූන්ට හැමදේම තේරුම් ගියත් කොල්ලා අසරන වුනා.. අන්තිමට නම්ජූන්ව බාර ගන්න උනේ එයාගෙ අම්මට...

අම්මා නම්ජූන්ව ගෙදරට අරන් යන ගමන් කියපු වචන දෙක තුන මුලු ජිවිත කාලෙම නම්ජූන්ගෙ කන් ඇතුලෙ දෝංකාර දුන්නා...
"" ඇයි ..මම.. මම විතරද හැමදේම කරන්න ඕනි"" .....

නම්ජූන් දෙමාපියන්ට වෛර කරන්න පටන් අරන් තිබුනා.. එයා තැලුනු, එයා වැටුනු, එයාට වේදනාවක් දැනුන මොහොතක් මොහොතක් ගානේ ඒ වෛරය දලුලන්න ගත්තා.. "" ඇයි .. ආදරයක් හිතේ තිබුනෙ නැත්නම් මාව මේ ලෝකෙට මෙහෙම ඇදලා දැම්මෙ"" ........ නම්ජූන්ට ඒක හැමදාම ප්‍රශ්නයක් උනා....

නම්ජූන් අමාරුවෙන් ඉගෙන ගෙන campus එකට select වුනා...කොල්ලා වතුර උගුරක් බීලා වේල පිරිමහන් පාඩම් කරපු අවස්තා ඉහෙ කෙස් ගානට තිබුනා.. ඒ නම්ජූන්ගෙ අම්මට නම්ජූන් ගැන හොයන්න වෙලාවක් තිබුනෙ නැති නිසා .. එක්කො එයා උවමනාවෙන්ම ඒක මගෑරියා..💔

නම්ජූන් අම්මගෙන් අයින් වෙලා තනියම ජීවත් වෙන්න පටන් ගත්තා.. එයා ගෙදරින් එන දවසෙ අම්මගෙ මූනෙ තිබ්බ ඒ හැගීම නම්ජූන්ට යන්න කියනවද,යන්න එපා කියනවද කියලා හරියටම නම්ජූන්ට තේරුනේ නැහැ... ගෙදර හිටියත් නම්ජූන් එක්ක අම්මගෙ සම්බන්දකමක් නොතිබුන ගානයි...

seven notesWhere stories live. Discover now