♡ Morning Coffee...

960 170 5
                                    

In Paris, France

වෙහෙසකර දවස් ගොඩකට පස්සේ එක දවසක් තිබුණා හිතට මොකක්දෝ මූසල පාලුවක් දැනුනු.. වාහනේ සුක්කානම වමට හරවන ගමන් මගේ ඇහැට අහු වුණේ පැරිසියේ තිබුණු නිස්කලංක කැෆේ එකක්..

මේ කාලෙට ආදරවන්තයන් හරියට උදේ හවා පැරිසියේ ගැවැසෙන නිසා මේ කැෆේ එකෙත් ඇතුල් වෙන තැන තිබුණු රෝස මල් වැලක් ගියපු බාර් එකක ලව් ලොක්ස් පිරිලා තිබුණා..

ඒ දිහා බලාගෙන කලකිරුණු හුස්මක් පහළ දාපු මම කැෆේ එක ඇතුලට ගියේ කොහොමත් හුරු පුරුදු මුහුනක් මුණ නොගැහෙන නිසා.. මේ නොදන්න රටේ මොන හුරු පුරුදු මූණු ද..?

දොරින් ඇතුල් වෙද්දිම එතැන එල්ලලා තිබුණු හීනි සීනු හෙළවුණු නිසා පොඩි අවධානයක් මට යොමු වුණත් මම හිටියේ මගේම ලෝකෙක ප්‍රශ්න ගොඩක..

මගේ දෙවැනි බිරිඳ වුණු මරියා මගෙන් දික්කසාද වෙලා දැනට මාස දෙකකට කිට්ටු වෙන්න වුණා..

මම
කියන්නෙ
දෙවැනි පාරත්
ජීවිතේ
වරද්දගත්ත
අවාසනාවන්ත මනුස්සයෙක්..

මම දැනගෙන හිටියේ ඔන්න ඔච්චරයි..

ඊයේ බීමත්කමට තවමත් ඔලුව බර වෙලා තිබුණු නිසා එතැනට ආපු වේටර් කොල්ලෙක්ට කොපි කෝප්පයක් ඇණවුම් කරලා මම ඇස් දෙක පියන් මේසෙන් ඔලුව තියා ගත්තා..

මට මාව අඳුරගන්න බැරි එක මටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා..

මම කව්ද..?

කවුරුහරි...













MORNING COFFEE  | COMPLETEDTempat cerita menjadi hidup. Temukan sekarang