♡ Morning Coffee...

516 165 11
                                    

ටික කාළයක් මේ විඳියට ගෙවිලා ගියා..

හැමදාම උදේට කෙටි පණිවිඩයත‍්, කෝපි එකත් එක්ක දැන් පොඩි කිස් එකකුත් මට ලැබෙනව..

එයාටත් නොදැනී එයා මට ආදරේ කරනව

වගේම,

මටත් නොදැනී මමත් එයාට ආදරේ කරනව..

ඒත් මම හැමදාම මේ තැන් වලදි ගත්තෙ වැරදි තිරණ නේද..?

ඔය කියන සිතුවිල්ල හැමතිස්සෙම මගේ හිතේ හොල්මන් කරා..

මම දන්නෙ නෑ හෝසෙක්.. මට මාවම තේරුම් ගන්න බෑ..

එහෙනම් අපි තේරුම් ගමු..

හෝසෙක් ගෙ ළඟ හැමදාම වගේ මගේ ප්‍රශ්න වලට උත්තරයක් තිබුණා..

මගේ අත් ඒ අත් අතරට මැදි කරගෙන ලස්සනට හිනා වුණ හෝසෙක් මගේ කොන්ඩේ අවුල් කරල එතනින් දුවගෙන ගියේ ඒප්‍රන් එකත් හද හද..

ඔයා ළඟ ඉද්දි කවදාවත් නැති විඳියට මගේ හිත හැදෙනව හෝසෙක්..

ඔයා ළඟ ඉද්දී දැනුන සතුට මරියා ළඟවත් කැතී ළඟවත් තිබුනේ නෑ..








MORNING COFFEE  | COMPLETEDजहाँ कहानियाँ रहती हैं। अभी खोजें