♡Morning Coffee...

532 163 1
                                    

කාර් එකේ පිටිපස්සේ සිට් එකේ තිබුණු පාර්සල් එක අතට ගත්ත මම, මං දිහා බලන් හිනාවෙන හෝසෙක් ට දුන්නා..

එයා ඒකෙන් පුදුම වුණා.. වගේම සතුටු වුණා..

ඒත් ඇතුලේ තියෙන දේ දැක්කම පොඩි තරහක් මූණේ ඇදුණ..

මම ඔයාට මොකුත්ම ගත්තෙ නෑ යූන්.. මේකෙ මිල.. බොරුවට නාස්ති කරනවා.. මට නම් මේ සල්ලි තියෙන මිනිස්සු තේරුම් ගන්න බෑ..

හෝසෙක් එහෙම කියන ගමන් ලාවට ආයෙත් හිනා වුණා..

අයිෆල් කුළුණ ළඟ රෑ වෙද්දි හුඟක් අය ගැවැසෙන තැනක්.. මමත් හෝසෙක් එක්ක හුඟක් දේවල් කතා කරා.. කවදාවත්ම මම කාත් එක්කවත් කතා නොකර දේවල් අපි කතා කරා..

සීතල හුළඟ එක්ක පරිසරය සීතල වෙද්දී හෝසෙක් ඇවිත් මට තුරුල් වුණා..

යූන්.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..



MORNING COFFEE  | COMPLETEDWhere stories live. Discover now