♡ Morning Coffee...

502 163 0
                                    

හෙට වැඩ නැත්නම් අපි ඇවිදින්න යමුද යූන්..? මට හෙට යුනිවර්සිටි එකේ නිවාඩු..

හෝසෙක් ගෙන් ලැබුණු කෙටි පණිවිඩයට මම උත්තරයක් ටයිප් කරලා යැව්වා..

මම කැමති.. අපි යමු..

හෙට ආදරවන්තයන්ගෙ දිනය.. මම තරයේ හිතාගත්තා මගේ හිතේ අදහස් හොබී ට කියනව කියල..

මිල අධික වර්ගයේ පර්ෆියුම් එකක් රැප් කරලා මම ලස්සන රෝස මලක් ඒක ඇතුලට දැම්මා.. පුංචි ගිෆ්ට් එක කාර් එකේ පිටිපස්සෙන් තියෙන ගමන් මම දැක්කෙ ඈත තියා දුවගෙන එන මගේ ආදරේ..

කොට කලිසමට ගැලපෙන ලස්සන කමිසයක් වගේම කොන්ඩෙ පැත්තෙන් බෙදලා කැරැල්ලක් මූණට වැටෙන්න හදල තිබුණු හෝසෙක් මෙහෙම දකින පලවෙනි වතාව..

හැමදාම දකින ලා අලු පාට ඒප්‍රන් එකට වඩා මේ විඳිය වෙනස්ම එකක් වුණා..

අලුත් විලාසිතා ගැන උනන්දුවක් දක්වන කෙනෙක්.. ඒකත් නරක නෑ..

කාර් එකේ දොර ඇරන් කලබලෙන් වාඩි වුණු හෝසෙක් ප්‍රමාදය ගැන සමාව ඉල්ලුවා..





MORNING COFFEE  | COMPLETEDWhere stories live. Discover now