♡ Morning Coffee...

626 176 57
                                    

මගේ පැලැන්තිය කොච්චර ඉහළ එකක් වුණත් අපි හරිම සාමාන්‍ය ජිවිතයක් ගත කරා..

ඉඳහිට මව් රටට ගිහින් නිවාඩුවක් ගත කරන්න වගේ දේවල් වලටත‍් අපි උනන්දු වුණා.. තව රෑට ඇවිදින්න, මූවිස් බලන්න වගේ හුඟක් දේවල් අපි කරා.. වයින් වලට මත් වුණු වෙලාවට හෝසෙක් කට උල් කර කර කියවන දිහා බලන් ඉන්න මම ආසයි..

මම කොච්චර තරහ ගිහින් ඉන්න වෙලාවක වුණත් හෝසෙක් හිටියේ හිනා වෙලා.. ඒක තමයි ගැලපීම.. එක වගේ දේවල් ගැලපෙන්නේ නෑ.. මම ඇවිලෙන වෙලාවට මාව නිවන්න හෝසෙක් දැනගෙන හිටියා..

මනුස්සයෙක්ට ජීවිතේ වරදින වාර ගනනින් වාසනාව අවාසනාව තිරණය කරන්න බෑ..

මට හෝසෙක් කියලා දුන්නේ එහෙම..

එයා හරි.. මම මාවම හොයාගත්තා.. දැන් මට මාව විතරක් නෙමේ වෙන කෙනෙක් වුණත් තේරුම් ගන්න පුළුවන්..

හරියටම කිව්වොත් දැන් මම සම්පූර්ණ මනුස්සයෙක්..

උණුහුම් හෝරා කිහිපයකින් පස්සේ නින්දට වැටුණු මගේ ආදරේ දිහා බලාගෙන මම ඒ තොල් වලින් හාදුවක් තිබ්බ.. එයා හැමදාමත් එහෙම ඉදී.. මට විශ්වාසයි හෝසෙක් කවදාවත්ම වෙනස් නොවෙන බව.. සීතලට හෝසෙක්ගෙ ඇදුම් ගිලිහුණු ඇග නිරාවරණය වෙද්දී මම තවත් මගේ අත් අතරට මගේ රෝස මල තුරුල් කරගෙන නින්දකට වැටුනේ අපේ ජීවිත ගැන අවංක සතුටක් හිතේ තියාගෙන..

-The end-
Cherry_minshi_

| never give up because great things take time... |











MORNING COFFEE  | COMPLETEDTempat cerita menjadi hidup. Temukan sekarang