♡ Morning Coffee...

570 169 1
                                    

එදා ඉඳන් හැමදාම පුරුද්දක් විඳියට ඒ කැෆේ එකට මම ගියා.. හැබැයි මොකටද කියලා මම දැනගෙන හිටියේ නෑ.. හිතට දැනෙන දුක් කන්දරාව එතනින් එලියට එද්දි බාගයක් විතර දිය වෙලා යනව කියලයි මම හිතුවේ..

ජන්ග් හෝසෙක්..

කෙටි පණිවිඩය එක්ක එවන කෝපි එක හදන ලමයා.. දැන් මම හැමදාම එන නිසා ඒ ළමයාම ඇවිත් මට කෝපි එක දීලා යනව.. සමහර දවසට මගේ ඉස්සරහ පුටුවේ ඉඳන් දවසේ දේවල් බෙදාගන්න එහෙමත් ඒ ලමයා උනන්දු වුණා..

අපිට කතාකරන්න අරුම භාෂාවක් උවමනා වුණේ නැති නිසා කොච්චර හයියෙන් වුණත් අපිට කතා කරන්න පුළුවන් වුණා..

ඒ ළමයගෙ මූණ කොයි වෙලාවක වත් දුකින් පිරිලා තිබුණේ නෑ.. හරියටම කිව්වොත් මගේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිරූපය..

හැබැයි ඒ ලමයා එක්ක කතා කරන වෙලාවල් වලදි මගේ හදවතේ ඇති වෙන අමුතු හිරියනම් මට තේරුම් ගන්න අමාරු වුණා..

මගේ දෙවැනි අසාර්ථක කසාදය වගේම මගේ රස්සාව ඇතුළු එකී මෙකී නොකී ඔක්කොම දේවල් ඒ ලමයා මගෙන් දැනගත්තා..

මමත් හැමදේම කිව්ව.. මොකද නොදන්න රටක මන් වගේ තව කෙනෙක් හම්බෙන එකම ලොකු දෙයක්..






MORNING COFFEE  | COMPLETEDWhere stories live. Discover now