♡ Morning Coffee...

620 172 3
                                    

හෙලොව් මිස්ටර්.. ඔයාගෙ කෝපි එක..

ප්‍රංශ උච්චාරණයක් එක්ක කතා කරපු ඉංග්‍රීසී වචන වලින් මම ඇහැ ඇරියා.. එතැන හිටගෙන හිටියේ ලස්සන පිරිමි ලමයෙක්.. මම ස්තූති කරල එළිය බලාගෙනම මගේ කෝපි එක පාඩුවෙ ඉවර කරා..

කෝපි කෝප්පෙ තියපු ට්‍රේ එකේ කොනක කහ පාට ස්ටිකී නෝට් එකක කොරියන් අකුරු වලින් මොකක්දෝ ලියල තියෙනව ඇහැ ගැටුණු නිසා මම උනන්දුවෙන් ඒක අතට අරන් බැලුවා..

අර ආපු පිරිමි ළමයාවත් ද..?

ඉංග්‍රීසී කතා කරන්නත් අමාරු ලමයා කොහොම කොරියන් ලියන්නද..?

හුරුබුහුටි අත් අකුරින් ඔබට සුබ දවසක් මහත්මයා... හිනාවෙලා ඉන්න.. කියලා කෙටි පණිවිඩයක් තියලා තිබුණා..

නියමිත මුදල ගෙවන්න කවුන්ටර් එකට ගියාම තමයි අත් අකුරු වල අයිතිකාරයා කියලා හිතන්න පුලුවන් හුරුබුහුටි පිරිමි ලමයා හිටියේ..

කොරියන් පෙනුමක් තිබුණු පිරිමි ලමයා ලස්සන හිනාවක් එක්ක මට ගෙවන්න ඕන මුදල කිව්වා..

මම විශේෂයක් නොකර මුදල ගෙවලා හිනාවකින් සංග්‍රහ කරලා කැෆේ එකෙන් එලියට ආවේ ටිකක් සතුටින්..

ඒත් ටිකයි..

ඔෆිස් රූම් එකේ මගේ ටේබල් කැලැන්ඩර් එකෙන් නෝට් එක අලවලත‍් මම ඒ දිහා බලන් තනියම හිනා වුණා..






MORNING COFFEE  | COMPLETEDWhere stories live. Discover now