♡ 7 ♡

691 130 35
                                    

(Author- "-" මේ ඉරි සලකුණ තියෙන්නෙ එතන ඉන්න කෙන කතා කරනකොට.ඉරක් නැතුව තියෙන්නෙ සොංඊ කතා කරන කොටස.)

.................................................
අතත් ගැට ගහගෙන මම ගෙදර දොරෙන් ඇතුල් උනේ අම්මට අත පේන්නන්නෙ නැතුව හොරෙන්ම යන්න ඕනෙ නිසා.ඒත් වැඩක් උනේ නෑ .😒 අම්ම දැක්ක.මටත් ඉතින් හොර වැඩක් අම්මට හොරෙන් කරන්නම බෑ නෙ.

"සොංඊ ....................."

හොරෙන් අතත් හංගන් පඩිපෙළ නගින මට අම්ම බෙරිහන් දුන්නා.මම ආයෙත් පහලට බැහැල බිම බලන් අම්ම ගාවට ගියා.

මොකෝ දුවේ අතට උනේ.

මම වෙච්ච හැම දේම කිව්ව.කුකිය අරුන්ට ගහපුව.මම කුකියට බේත් දාපුව.ඔක්කොම

- ඒ ලමයට හොදටම තුවාලද.

- ටිකක් තුවාලයි.අතනම් හොදටම කැපිල

- අනේ පවු .මොනා උනත් දුව ගිහින් බේත් දාපු එක හොදයි.ඔයා වෙනුවෙන් නෙ එයා ගුටි කෑවෙ.හරි ......දැන් හොද දුව වගේ ගිහින් වොශ් එකක් දාන් කන්න එන්න.

මම වොශ් එකක් දාන් පහලට කන්න ආවා.

- අම්මෙ,අද තාත්තා නැද්ද

- නෑ ......අද එයාට හවස මීටින් එකක්.කඩෙන් කන්නම් කිව්වා.

අම්මයි මායි කෑම මේසෙට වෙලා කෑම කන ගමන් ඉද්දි මම අම්මට කිව්ව

- අම්මෙ මම හෙට Jungkook ගෙ ගෙදර යන්නම්.

- කමක් නෑ...ඒ ලමය මේ ලගනෙ ඉන්නෙ.තනියම එන්න පුලුවන් ද

- මම බයිසිකලේ ගිහින් එන්නම්

- හා හා...

මම කාල ඉවර වෙලා tv බලල කාමරේට ගිහින් හෙට කුකියගෙ ගෙදර යන්න ලෑස්ති උනා.ඇදට ගිහින් රියා එක්ක චැටක් දැම්ම.

*call with රියා*

රියා- අඩේ බම් මට තාම හිතාගන්න බෑ ඒ Jungkook මද කියල.

- මටත් බෑ බන්.මොකා උනත් ඌ දැන් නම් සුපිරි

රියා- මට මතක් වෙන්නෙම අර සුපර් මෑන් ආවේශ වෙලා වගේ අරූගෙ ඇගට කඩන් පැනල ගහපු ශොට් ටික

- මම නම් comfuse වෙලා හිටියෙ ආ.........අනෙ හම්මෙ....අනික කුකියගෙ අතේ හෙන ගැඹුරු තුවාලයක් බන්.

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now