03වන දිග හැරුම💚❤️

2.1K 404 69
                                    

මෙහෙ නැවතිලා ඉන්න අනිත් හැම පිරිමි ලමයෙක්වම බලන්න කට්ටිය ආවත් කවදාවත් මං වෙනුවෙන් කිසි කෙනෙක් ආවෙ නෑ..සමහර අයට අම්මා උන්නා තාත්තා නෑ...සමහර අයට තාත්තා උන්නා අම්මා නෑ...තව සමහරුන්ට දෙන්නම නැතත් කවුරුම හරි උන්නා..ඒත් මට කිසි කෙනෙක් උන්නෙ නෑ..

එයාලට එයාලගෙ අම්ම හරි තාත්තා හරි ගෙනත් දෙන කැවිලි ජාති අලුත් සපත්තු අලුත් ඇදුම් දිහා මන් හොරෙන් බලන් ඉන්නවා..මං කවදාවත් ඒ පාට පාට ලොසිංජරයක රහ දන්නෙ නෑ..එයාලා මට දීලත් නෑ මට මේ ලොකේ තිබුන එකම රස කෑම ලුසි අක්කගෙ සාක්කුවෙ මන් වෙනුවෙන් ඉතිරි වෙලා තිබුන ඒ සීනි විස්කෝතුව විතරමයි..

ඉස්කෝලේ ගිය හැමෝම අලුත් සපත්තු දාන් ගියේ මම විතරයි  අවුරුදු දෙකක් විතර එක දිගට පට්ටා ගහපු ඒකත් කැඩෙන්න ඔන්න මෙන්න තිබුන හම ගිය සපත්තු කබලක් දාන් ගියේ..

මගෙ කකුල ටිකක් දික්වෙලා තිබුනා තව දුරටත් මට ඒ සපත්තුව දාන්න බැරි  තත්වෙක මන් උන්නෙ සපත්තුව හිරනිසා මගෙ කෙසග ඇගිලි ඇබරිලා වගේ තිබුනෙ..තියන අඩියක් අඩියක් ගානෙම මගෙ ඇගිලි යටි පතුල වේදනා දුන්නා..ඒත් කව්ද මට සපත්තු කුට්ටමක් අරන් දෙන්න ඉන්නෙ...ඇත්තටම අලුත් සපත්තු හරි සුවද ඇති මම මගෙ සපත්තු දෙක දිහා බලන් එහෙම හිතුවා..

මොන දේ උනත් දෙවියෝ මට එක දෙයක් දීලා තිබුනා..මට ඉගන ගන්න හොද මොලයක් තිබුනා..හොද වෙලේට ඒක ඔලුව ඇතුලේ තිබුනේ නැත්තන් උන් ඒකත් ගලව ගනී..මන් වෙලාවකට එහෙමත් හිතුවා..මට තිබුන එකම දේ ඉගන ගන්න දක්ශ කම විතරයි..නිවාසෙ හිටපු උන් මේ නැති බැරි මා එක්ක තරහා ගන්න තවත් හේතුවක් තමා මං ඉගනීම අතින් හැමදාම උන්ට වඩා ඉහලින් හිටපු එක..මට කියලා තිබුනෙත් එච්චරමයි උන් ඒකටත් ඊරිසියා කරනවා..

මං හැමදාම මගෙ ඇදට වෙලා මේගැන කල්පනා කරනවා..මට මේ වෙනකොට යන්තම්.අවුරුදු 7ක් හරි 8ක් හරි ඇති..ඒ උනාට මං විදපු වේදනා හිරිහැර නිසාම වයසටන්වඩා මං හිතිං ඇට්ටර වෙලා උන්නා....

පහුවදා සෙනසුරාදා දවසක්  නොන්ඩි මේරි එන්න කලිම්ම මං නැකිට්ටා...නැකිටලා මූන හෝදන් මට තිබුන කලිසම් කොට  දෙකෙන් පාට ගියපු නිල් පාට කොට කලිසම ඇදලා මටත් වඩා දෙගුනයක් ලොකු කහ පාට බැනියම දාගෙන මම ඇදට වෙලා බලන් උන්නෙ කෑමට අඩගහන් බෙල් එක ගහනකන්.

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Where stories live. Discover now