26වන කොටස❤️💚

1.8K 399 69
                                    


එයාගෙ කදුළු දැකපු මට එයා ඇයි අඩන්නෙ කියන එක හිතා ගන්න බැරි උනා..අනේ එයාගෙ කොන්ද රිදෙනවද??මන් එයාව තදින් අල්ලන් ආව පාරට එයාගෙ මැනික් කටුව ගාව රතු වෙලා තිබුනා...අනේ එතන රිදෙනවද එක්කො?එහෙම නැතිනම් අර යකා ඊයේ රෑ ගහපු පාරට කම්මුල තවම රිදෙනවද...නැතිනම් එයාට කෑව මදිද...?? මන් එයාගෙ ඒ මූන දිහා බලාගෙන මගෙම්ම අහ ගත්තා ..එයා අඩනවා සද්ද නොකරම...ඒත් එයාගෙ උරහිස් වගේම බෙල්ලෙ දෙපැත්තෙ තිබුන නහර පිම්බෙනවා..."අනේ මගෙ රත්තරන් උඹට අඩාගන්නවත් කට හඩ නෑනේද?" මගෙ හිත එයාට වඩා අඩනවා..මට මේ කදුළු තවත් ඉවසන්නම බැරි තැන මම එයාට කතා කෙරුවා..

"බබී....අනේ ඇයි බබී මේ අඩන්නෙ...?ඔයාගෙ කොන්ද රිදෙනවද හුගක්?එහෙම නැතිනම් මන් මෙතන තදින් ඇල්ලුව නිසා රිදෙනවාද...එහෙම නැති නම් මෙ මෙතන මේ කම්මුල රිඩෙනවද බබී...ඔයාගෙ බෝබොට කියන්නකො...?"

එහෙම නැති නම් ඔයාට බඩ ගිනිද..ඔයාට  තව කන්න ඕනේද?කියන්න බබී මන් මේ ඔක්කොම හරි අරන් දෙන්නම්...මට කියන්න අනේ අඩන්න එපා බබී....

මට එයා අඩන හේතුව හොයා ගන්න බැරිව අඩන එයාට වඩා හිතින් මම අඩන්න පටන් ගත්තා ...මම එයාගෙ කොන්ද අත ගාන ගමන් අනිත් අතින් එයාගෙ ඉදිමිච්ච ගතිය ටිකක් විතර බැහැලා ගිය කම්මුල ගොඩක් හිමින් අත ගෑවා මොකද මට බයයි එයාට මගෙ ගොරෝසු අත් වලින් අත ගානකොට රිදෙයි කියලා ..

බබී...ඔයාගෙ කම්මුල රිදෙනවද හපන්න බැරි නම් මේ කිරි එක බොනවද?? මට දැන් කරගන්න කිසිම දෙයක් නෑ මට. මං ඉස්සරහා අඩන ස්නොව් බෝල්ගෙ...මගෙ ස්නොව් බෝල්ගෙ කදුළු බලන්න තරම් හයියක්  තිබුන නෑ....අනේ එයාට කතාකරගන්න පුලුවන් නම් නම් එයා අඩන එකට හේතුව කියයි...ඒත් දෙයියනේ අඩන්න වත් කටහඩක් නැති මගෙ අහිංසකයා අඩන හේතුව මට හොයා ගන්න බැරි උනාම මම කොයිතරම් නම් අසරන වෙනවද..?

එයා ඉකි ගහනවා...එයාගෙ උඩ පාත්වෙන උරහිස්, පිම්බෙන නාස් පුඩු වගේම එයාගෙ බෙල්ල දෙපැත්තෙන් ඉදිමුන නහර එයාගෙ ඉකිගහනවා කියලා මට පෙන්නනවා..අනේ ස්නොව් බෝල් මාව අසරන කරන්න එපා බබී...ඇත්ත මන් උඹව දැක්කෙ අහම්බෙන්..මන් උඹගෙ  ඔලුවට දෙපාරක් පිස්ටල් එක තිබ්බා උඹ ගොලුවෙක්ද කියලා හිතක් පපුවක් නැති එකෙක් වගේ උඹේ  මූනටම ඇහුවා දවස් තුනක් මන් පිස්සෙක් වගේ උඹව හෙව්වා..
.දැකපු දවසට ආදරේ ඇතිවෙන්නෙ නැ..ඒක හරි...ඒත් මම අනුකම්පා කරනවා කියලා මට මගෙ හිත රවට්ට ගන්න බෑ මොකද මං උඹට ආදරෙ කරනවා ස්නොව් බෝල්....එයාගෙ රතු වෙච්ච ඇස් දිහා බලන් මගෙ හිත ඇතුලෙන් මන් අඩනවා..

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Dove le storie prendono vita. Scoprilo ora