64වන කොටස❤️💚

1K 305 89
                                    

ජේකබ් වගේම මැතිව්ස් යන්න ගියා...හැබැයි උන් දෙන්නම ගියේ මගෙ හිතට මහා බරක් එකතු කරලා..මද හුලගක්වත් නැතුවම නත්තල් තරුව බිමට වැටිලා කෑලි වලට කැඩිලා ගියා...ඒක මගෙයි ස්නොව්බෝල් ගෙයි නත්තල් තරුව....මේක අපි දෙන්නගෙම පලවෙනි  නත්තල...අනේ දෙවියනේ කරදරයක් නම් වෙන්න එපා...මම කෑලි වලට කැඩිච්ච නත්තල් තරුව දිහා බලාගෙන හිතුවා..

පපා..අනේ තරුව...??

ආහ්...ඒක බබී හුලගට වැටෙන්න ඇත්තෙ...අපි අලුත් එකක් හවසට ගමු හොදද..

මම මගේ හිතේ තිබුන බර හංගගන එයාහෙ හිත හැදුවා..

ම්ම්...

අම්මයි ස්නොව්බෝලුයි තවමත් මට තුරුල් වෙලා උන්නෙ..මගෙ ස්නොව්බෝල් ට මේ ගැන ලොකූ දෙයක් තේරුනේ නෑ..එයා කැඩිච්ච තරුව ගැන දුක් වෙනවා..ඒකත් හොදයි ..මම අම්මගෙ මූන දිහා බැලුවා..එයාගෙ ඇස් වල තනිකරම තිබුනෙ බයක් විතරමයි..එයා මැතිව්ස් ට සැහෙන්න බය වෙලා තිබුනා..මට ඒ ඇස් දකිනකොට මතක් උනේ එදා තාත්තා කියපු කතාව..ඌ මාව ලැබෙන්න ඉන්නකොටත් අම්මට කරදර කරන්න ගිහින්...මට ඒ වචන මතක් වෙන මතක් වෙන පාරට මට ඌව පන පිටින් කෑලි කෑලි වලට කපලා දාන්න තරම් තරහවක් ආවා...උගෙ ඇස්වලින් මගෙ අම්මා දිහා බලන් හිටපු හැටි මතක් වෙනකොට මට ඌව....අනේ මන්දා...මට ඌට කොතනින් වද දෙන්නද කියලා හිතා ගන්න බැරිව උන්නෙ..

මේ ලෝකෙ ගැනු වගේම පිරිමි තව මනුස්සයෙක් දිහා බලන විදි දෙකක් තියනවා..කිසිම පිරිමියෙක් කවදාවත් ගෑනියෙක්ව ඇදුම් එක්ක බලන්නෙ නෑ..උන් හැමදාමත් ගෑනියෙක් දිහා බැලුවෙම  ඇස්වලින් නිරුවත් කරලා...එවගේම ගෑනු කවදාවත් ඇදුමක් ඇදන් ඉන්න මනුස්සයෙක් දිහා බැලුවෙ නෑ..උන් බැලුවෙ කෙලිම්ම ඇදුම දිහා..

"ඔයාට මම මොනවත් වෙන්න දෙන්නෙ නෑ..මාව විශ්වාස කරන්න...කවදාවත් ...කෙස් ගහකටවත් අතක් තියන්න දෙන්නෙ නෑ.."

මම අම්මගෙ ඇස් දෙක දිහා බලාගෙන එයාගෙ හිතේ තිබුන බය නැති කරන්න එහෙම කියන ගමන් එයාගෙ නලලට මගෙ නලලා හේත්තු කර ගත්තා ...වගකීම්...ඇත්තටම වගකීම තමා ජීවිතේට තේරුමක් ඇති කරන්නෙ..මගෙ අම්මගෙ වගකීම මගෙ තාත්ත ගෙ වගකීම වගේම මගෙ ස්නොබෝල්ගෙගෙ වගකීම මේ හැම දේම මගෙ කර පිට වටෙනවා අනිවාර්යයෙන්ම ...මගෙ ජීවිතේ තේරුම තමා මේ වගකීම් කන්ද..මොන දේ උනත් පන ඇද ඇද හරි මම ඒ වගකීම් ඉශ්ට කරන්න ඕනා...

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Where stories live. Discover now