30වන කොටස❤️💚

1.7K 377 75
                                    

මන් උන්නෙ හුගක් සතුටින්...සතුට වැඩි කමටම මම කා එකේ ශටර්ස් ඔක්කොම ඇරලා කන පැලෙන තරම් හයියෙන් ed shreen ගෙ shape of you දාගත්තා...

මමත් සිංදුව කිය කිය කෑගහා කා එක ඩ්‍රයිව් කරන ගමන් උන්නෙ...පාරෙ යන සමහර මිනිස්සු මන් පිස්සෙක් කියලද කොහෙද අත් දික් කර කර මොන මොනවා හරි කිව්ව මට සයිඩ් කනාඩි වලින් පෙනුනා...ඒ උනාට මට මොකද??ඇත්තටම ඉතින් මට මොකටද අනිත් මිනිස්සු මන් ගැන හිතන විදිහ...මට පුලුවන් නම් ඕන කෙනෙක් ඉස්සරහා "මට මම විදිහට ජීවත් වෙන්න" ඉන් එහා කවුරු මොනවා මන් ගැන හිතුවත් මට මොකද...ed shreen ගෙ සිංදුව ඉවර උන ගමන්ම beyonce ගෙ im a single lady පටන් ගත්තා ...මාත් දැන් බියෝන්සේ විදිහට " ඌ...ඌ...ඌ..." ගගා සිංදුව කියනවා..." සොරි බියෝන්සේ අදින් පස්සෙ..මේ වැන්ග් යීබෝ තව දුරටත් සිංගල් වෙන්නෙ නෑ..." එහෙම කියලා ගෙදරට කිට්ටුව මන් කා එකේ වේගේ තව ටිකක් වැඩි කරලා රේස් කරලා ගරාජ් එකට දැම්මා..." බ....රා.....ස්" ගාන සද්දෙට නම් කවුරු හරි හිතන්න ඇති accident එකක් උනා කියලා...මන් කා එකෙන් බැහැලා දොරත් කකුලෙන් වහගෙනම හරියටම "කූල් බෝයි " කෙනෙක් වගේ ගේ ඇතුලට දිව්වා..

ඇත්තටම "ආදරෙට" පුලුවන් මිනිහෙක්ව පිස්සු වට්ටන්න.. ස්නොව් බෝල් ඔයා ඔයාගෙ බෝබෝව පිස්සු වට්ටලා බබී....මන් එයා ගැන හිත හිතම හුරුවමක් බාන ගමන් ගෙට ගොඩ උනා..ඒ එනකොටත් අම්මයි තාත්තයි මන් එනකන් living room එකේ ඉදන උන්නා අම්මා නම් පොතක් බල බල උන්නෙ..ඩැනී....පව් ඩැනීට බඩගිනි වෙලා වගේ...ඒත් අම්මා කන්න දීලා නැද්ද කොහෙද....මගෙ අම්මා එහෙමයි ඩැනීටත් වඩා මට ආදරෙයි... මන් අම්ම ගාවට ගිහින් ඉදන් හිටපු එයාගෙ පිටිපස්සෙන් බෙල්ල වටේ අත දාලා එයාව තුරුල් කරන් මගෙ නිකට එයාගෙ උරහිසේ තිබ්බා...එයාගෙ සිනිදු කම්මුල මගෙ කම්මුලේ ගෑවුනා.." සුවදයි" මම හැම වෙලේම ආ උනා මගෙ අම්මා ගාවින් ආව ඒ කොකෝ බටර් සුවදට...මන් ඒ කම්මුල ඉම්බා...

"මමා....මමා.....ම...මා...." ම්ම්ම්ම්හුක්...එයා තරහා වෙලා වගේ ...මන් දැන් එයාව චුට්ටක් දෙපැත්තට හොල්ලනවා....

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Where stories live. Discover now