_Chapter 2_

92 17 4
                                    

ඔයා එකපාරටම ජිමින්ශිව දැක්කා. එයා පඩිපෙළ බැහැන් එන ගමන් හිටියේ. එකපාරටම එයාව දැක්කම ඔයා බයත් වුණා.

"ඔයා මොනවද මෙතන කරන්නේ?" ඔයා ජිමින්ශිගෙන් ඇහුවා.

"මේකනේ වුණේ...." ජිමින්ශි කියන්න පටන් ගත්තා.

Flash back....

Jimin' s room ____

ජිමින්ශිව කාම්බරේට එක්කන් ගිහින් ඇද උඩින් තිබ්බ ජිමින් එයාට කිස් එකක් දීලා එයාව බදාගෙන නිදා ගත්තා. එකපාරටම ජිමින්ශිට ඇහැරුනා. ඒත් ජිමිනා නම් දොයි.

"ආහ්... කවුද අර ඉන්නේ?" කාම්බරේ තිබ්බ ජනේලයෙන් කවුරුහරි එලියේ ඉන්නවා වගේ එයා දැක්කා.

ජිමින්ශි ඇදෙන් බැහැලා ඒ පැත්තට ගිහින් බලලා පඩිපෙළ බැහැන් එද්දි තමයි ඔයාව හම්බ වුණේ.

Flash back over...

"ඕකයි වුණේ" ජිමින්ශි කියලා ඉවර කරා.

"ඔයා දැක්කේ මාව වෙන්න ඇති" ඔයා හිනා වෙලා කිව්වා.

ඊට පස්සේ ඔය දෙන්නා තම තමන්ගේ කාම්බර වලට ගිහින් නිදා ගත්තා.

Taehyung' s room ___

ටේ අපේ සද්ව කාම්බරේට එක්කන් ගිහින් ඇද උඩින් තිබ්බ පාරට එහෙමම එයා සද් ගේ ඇගට වැටුණා. එහෙමම සද් ට ඇහැරුනා.

"දවසම ගෙදර ඉන්නේ නැතුව දැන් මොකෝ මේ? " සද් විහිළුවට වගේ කිව්වා.

"ඇයි මට මගේ නොවන wife එක්ක මෙහෙම ඉන්න බැරිද?" තව ටිකක් ලං වෙලා ටේ ඇහුවා.

"එහෙම නෑ මෝඩයෝ" සද් ටේ ගේ කම්මුලට කිස් එකක් දුන්නා.

"ඕක මදීනේ පැටියෝ" ටේ හුරතල් වෙනවා.

"එහෙනම්"

"මෙහෙමනේ දෙන්න ඕනේ" එහෙම කියලා ටේ එයාව කිස් කරා.

Jungkook' s room ___

"මනුස්සයෝ! මං කී සැරයක් නම් කියලා තියෙනවා ද ගෙදරින් යද්දි කියලා යන්න කියලා😑" ඇද උඩ තිබ්බ කොට්ටෙකුත් අරන් ඒකෙන් කුකීගෙ පස්සෙන් පන්න පන්න කාම්රබරේ වටේ දුව දුව ගහ ගහ හිටිය සෞම්‍යා කිව්වා. ( duble warlds වැඩි වුණාද මන්දා👀😂)

"අනේ ඉතින් බේබි" කුකීත් දුව දුව හුරතල් වෙන්න හදනවා.

" අනේ තමයි. මෙතන මං ළමයි දෙන්නව තනියෙන් බලාගන්නේ කොහොමද 😑" සෞම්‍යාගෙ නම් කේන්තිය නිවෙන පාටක් නෑ වගේ.

"ඇයි පැටියෝ අර අනිත් කෙල්ලො ටිකත් ඉන්නේ" කුකී නිදහසට කරුණු කියන්නවා.

"පොඩ්ඩක් ඉන්න පො....... ඩ්ඩක් ඉන්න" කුකීට මොකක්ද මතක් වෙලා.

"මොකද? 😑" සෞම්‍යා කේන්තියෙන් ආයෙමත් කුකීට කොට්ටෙන් ගැහුවා.

" ගහන්න එපා ඉතිම්. මගේ චූටි wife පැටියට කිස් එකක් ඕන වෙලාද?" කුකී ඔන්න හිමීට සෞම්‍යාට ළං වුණා.

" එහෙම මුකුත් ඕනේ නෑ😑" සෞම්‍යා අහක බලාත්තා.

" කෝ එන්න.... "කුකී නම් එහෙමම තුරුල් වෙන්න හදනවා wifeව ශේප් කරගන්න.

"මට බෑ😑" සෞම්‍යා අත්දෙකත් බැදගෙන අහක බලාගත්තා.

" නිදා ගමුනේ බේබි" කුකී තාම හුරතලේ.

" ආයේ නම් ඔයාත් එක්ක නිදා ගන්නේ නෑ, මං යනවා living room එකට හුම් 😑" සෞම්‍යා එහෙම කියලා bedsheet එකත් අතට අරන් කාම්බරෙන් එලියට ගියා.

"ඇතුලට එද්දිත් නිදාගෙනනේ හිටියේ. මේ living room එක කොහේද? පල්ලෙහාට ගිහින් බලමු. මගෙත් පන්ඩිතකම නේ මේ සීතලේ කොල්ලාට තුරුල් වෙලා නිදා ගන්නේ නැතුව බොරුවට රණ්ඩු ඇද්දා මෝඩි😑" එහෙම හිත හිත සෞම්‍යා පඩිපෙළෙන් පල්ලෙහාට බැස්සා.

"ආහ් අර තියෙන්නෙ සෝෆා එක" ඇති යාන්තම් එයා living room එකට ආවා.

______________________________________

Hi guys,

අපේ සෞම්‍යාගෙත් බොරු කේන්තිය නේ😂මොනා නැතත් ඕකි කුකීට පැලෙන්න ආදලෙයි😁
කුකීට දැන් සෞම්‍යාව ශේප් කරන්නේ කොහොමද දන්නේ නෑනේ🤔
මෙතන වෙන්නේ කාටවත් හිතා ගන්න බැරි සිද්දියක්👻

Please Vote And Comment 🥰💜

🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now