_Chapter 8_

50 11 0
                                    

"කවුද අර සෝෆා එක උඩ ඉන්නෙ"

"ටෝච් එකවත් ගහන් නෙවෙයි නේ ඉන්නේ මේ ජින්ද පිස්සු හැදිලාද මෙයාට බයයි අනේ...."

"ල.... ලමයි මේ හැමෝම ටෝච් එක ඔන් කරන්න අපි පල්ලෙහාට යමු"

කෙල්ලෝ ටික පොඩි බබාලා ටිකව වඩා ගත්තා.හැමෝම හිමීට පල්ලහාට ගියා.

"කවුරු හරි ගිහින් බලන්නකෝ... "

" මං යන්නම්"එහෙම කියපු hyung සෝෆා එක ලගට ගියා.

" ජි..... ජින්.... මේ ඔයාද...? "

" පලයල්ලා මගේ ගෙදරින්!!!! "

ඒ ඉදගෙන හිටපු කෙනා හයියෙන් එහෙම කියන ගමන් නැගිට්ටාම සෝෆා එකත් විසික් වෙලා ගියා ඒක ඇගේ වැදුන hyung බිම වැටුණා. කෙල්ලෝ ටික එයාව නැගිට්ටුවා. අර කෙනා නම් ජින් තමයි ඒත් එයා අමුතුයි එයාගේ ඇගේ හොල්මනක් ඉන්නවා වගේ ඇගේ ලේ පිරිලා!!!

" ඔ.... ඔයා කවුද? "

" මට මේ හැමදේම නැති වුණා!! මගේ නංගිවත්! ඒ නිසා මෙහෙ ඉන්න බෑ කාටවත් උබලාට මං අවසාන දැනුම් දීමත් දුන්නා ඒත් උබලා ගියේ නෑ! දැන් මං මෙයාව තියා ගන්නවා උබලා පලයල්ලා නැත්තම් ඔක්කොමලාම ඉවරයි කියලා හිතා ගනිල්ලා!!!"

"ප්ලීස් මගේ ජින්ව අතහරින්න. ඕනේ නම් මං ඉන්නම් ප්ලීස් එයාට මුකුත් කරන්න එපා"එහෙම කියපු hyung හිමීට හිමීට ඉස්සරහට ඇවිදන් ගියා.

" අනෙ hyung යන්න එපා! "

" සොරි යාලුවනේ ජින් නැතුව මට ඉන්න බෑ"

ඒ කෙනා hyungගේ අතින් අල්ල ගත්තා. ඒත් එක පාරටම අත අතහැරියා.

" ලුසී?!!!ඔයා? "

" ලුසී? ඒ කවුද? "

ඒ කෙනාගේ මූන එහෙමම වෙනස් උනා ගෙදර ලයිට් පත්තු වුණා. එයා හරි දුර්වල විදිහට බිම ඉදගත්තා. මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව කට්ටිය ගල් වෙලා වගේ හිටන් හිටියා. Hyungට මේකේ ඇත්ත නැත්ත දැනගන්න ඕන වුණා. එයා ඒ කෙනා ලගින් ඉදගෙන අතින් අල්ල ගත්තා.

"කවුද ලුසී කියන්නේ?"

"නංගී... ඔයාට මාව මතක නැද්ද? මං ඔයාගේ ඔප්පා,මැක්ස්"

"මට ඇක්සිඩන්ට් එකක් වෙලා ඊට කලින් වෙච්ච හැමදේම අමතක වෙලා.ඉතින් මාව බලාගත්තේ මෙයාලා"

"මොකක්! මං මොන අපරාධයක් ද මේ කරන්න ගියේ... මගේ නංගිගේ ජීවිතේ මං ම විනාස කරන්න ගියා නේද? මං හිතුවේ නැන්දා ඔයාට මොනා හරි කරලා කියලා... "

" ඔ..... ඔප්පා මට කියන්න මං කවුද? අපිට මොකද වුණේ? "



















කාලෙකට පස්සේනේ චැපියක් දුන්නේ 😗ටයිප් කරන්න ගියාම එපා වෙනවා අනේ🙂
ඔන්න නිශාචර රීඩර්ස්ලාට උණ ගැනෙන්න අද චැපිය 11.30ට දුන්නේ👻Enjoy with ghosts... Bhuuuuuuuu...

🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now