_Chapter 6_

136 11 3
                                    

හැමෝම බේස්මන්ට් එක පැත්තට යද්දී එයාලා දැක්කා කුකී එතන වැටිලා ඉන්නවා! සෞම්‍යා එයාව බදාගෙන හොදටම අඩනවා...

"මොකද වුණේ?"

"මං....... දන්නේ නෑ....... මං එද්දිත්......... මගේ කුකී වැටිලා හිටියේ.....!" සෞම්‍යා හොදටම අඩනවා.

"dadට මොකද වුණේ mom?" ළමයි දෙන්නා ලගට ඇවිත් ඇහුවා.

"ළමයිව එලියට එක්කන් යන්න" hyong, කොකෝට එහෙම කිව්වේ ලමයි බය වෙන නිසා.

"කෝ එන්න චූටි බබාලා ටික. කිසි ප්‍රශ්නයක් වෙලා නෑ" එහෙම කියලා කොකෝ ලමයි ටිකව එලියට එක්කන් ගියා.

"එයාට හුස්ම ගන්න අමාරුයි වගේ ඉක්මනට hospital එකට එක්කන් යන්න වෙයි" කුකීව චෙක් කරපු සද් කිව්වා.

සෞම්‍යාට එකපාරටම සිහිය නැති වුණා...!!

"එයා ගොඩක් බය වෙලා ඉන්නේ ඉක්මනට වතුර ටිකක් ගේන්න"

ජිමින්ශි දුවලා ගිහින් වතුර ගෙනාවා කෙල්ලෝ ටික සෞම්‍යාව බලන අතරේ කොල්ලෝ ටික කුකීව කාර් එකට එක්කන් ගියා. සෞම්‍යාට සිහිය ආවාම කෙල්ලො ටික ඉක්මනට ගිහින් කාර් එකට නැග්ගා. එයාලා හිටියේ city එකට ගොඩක් දුරින් නිසා hospital එකට යන්න විනාඩි 45ක් විතර ගියා.

" දැන් අවුලක් නෑ ඔයාලා හොද වෙලාවට එක්කන් ආවේ" ඩොක්ටර් එහෙම කිව්වම තමයි සෞම්‍යාට පණ ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" දැන් අවුලක් නෑ ඔයාලා හොද වෙලාවට එක්කන් ආවේ" ඩොක්ටර් එහෙම කිව්වම තමයි සෞම්‍යාට පණ ආවේ. එයා කෙලින්ම ගියේ කුකී ලගට.

"එයාට මොනාද වෙලා තියෙන්නේ ඩොක්ටර්?" හොබී ඇහුවා.

"මට හිතෙන විදියට කවුරුහරි එයාගේ බෙල්ල හිර කරලා හුස්ම ගන්න බැරි වෙන්න කරලා තියෙනවා" ඩොක්ටර් එහෙම කිව්වාම හැමෝම බය වුණා.

" මොකක්! ජන්කුක් බේස්මන්ට් එකට යද්දී අපි හැමෝම හිටියේ ලිවින්ග් රූම් එකේනේ එහෙනම් කවුද?? " ඉමා බයෙන් කිව්වා.

" ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ අපි යද්දීත් කුකී වැටිලානේ හිටියේ" කොකෝත් කිව්වා.

" සෞම්‍යා මොකක් හරි දැක්කද දන්නේ නෑ. කොහොම උනත් එයා මේක කරන්න කොහෙත්ම විදිහක් නෑ මොකද එයා ජන්කුක්ට පණ වගේ ආදරෙයි" ටේ එහෙම කිව්වා.

" ඔව්. කොහෙත්ම එයාව නම් සැක කරන්න බෑ බෑ බෑමයි. අපි ගිහින් සෞම්‍යාගෙන් අහමු මොකක් හරි දැක්කද කියලා" ඔයා එහෙම කිව්වම හැමෝම ගියේ කුකී හිටපු රූම් එකට. එයාට තාම සිහිය නෑ. සෞම්‍යා ලග ඉදන් එයාගේ අතින් අල්ලන් හිටියා.

" අපි දැන්ම මේක එයාට නොකියා ඉමුනේ" සෞම්‍යා ඉන්න තත්වේ දැක්කම නම්ජූන් අනිත් අයට කිව්වා.

" ඔව් ඒක ඇත්ත නැත්තම් ආයෙත් අඩන්න ගත්තොත් ලෙඩ වෙයි " ඒ ජිමින්

ටික වෙලාවකින් කුකීට සිහිය ආවා.

_____________________________________

Hi guys,

ගොඩක් දවස් චැපියක් දෙන්න බැරි වුණා මොකද මගේ #my cuty be okay ff එකට 7+K Readers හිටියා😱එකේ චැප්ටර්ස් දෙන්න කියලා මරණ තර්ජනත් එක්ක😪ඉතින් පරක්කු වුණා මේක දෙන්න. මං ඉතින් කොහොමත් මගේ රීඩර් බබාලාට ආදරෙයිනේ🤗

Please Vote, Comment And Share🥰💜

🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now