_Chapter 3_

72 15 3
                                    

සෞම්‍යා ගිහින් කොට්ටෙත් සෝෆා එක උඩින් තියලා bedsheet එකත් පොරවගෙන වාවන්නේ නැතුව නිදා ගත්තා 😂. ටික වෙලාවකින් එයාට ඇහුනා නිකම් සෝෆා එක පිටිපස්සේ හිටගෙන කොල්ලෙක් සිංදු කියනවා වගේ. සෞම්‍යා හිතුවේ ඒ කුකී කියලා ( මිනිහව අදුර ගන්න බැරි ගෑනි😂😑)

"මං ඔයාට කිව්වානේ මං එන්නේ නෑ, යනවා යන්න!" සෞම්‍යා ඇස් දෙක වහගෙනම කිව්වා. ඒත් ඒ සද්දේ නැවතුනේ නෑ.

"මං කිව්වා නේද මෝඩ හාවෝ!" එහෙම කියලා සෞම්‍යා කොට්ටේ අතට ගත්තේ පිටිපස්සේ ඉන්නේ කුකී කියලා හිතලා එයාට ගහන්න.

ඒත් එතන හිටියේ කුකී නෙවෙයි!!!!!

ඇදුම පුරාවට ලේ තියෙන ඇස් ගිනි බෝල වගේ කේන්තියෙන් පිරුණ කොල්ලෙක්!!!!!!!

සෞම්‍යා බය වුණ පාරට හයියෙන් කෑ ගැහුවා.

හැමෝම එතනට දුවගෙන ආවා. ලයිට් එක දැම්ම ගමන් අර කෙනා නැති වෙලා ගියා.ඒත් සෞම්‍යා නම් බයටම තාම අත් දෙකෙන් මුහුණ වහගෙන.

"baby, මොකද වුණේ පැටියෝ ඇයි මේ?" කුකී සෞම්‍යා ලගට ඇවිත් ඉදගත්තා.

"ජන්කුක්!" සෞම්‍යා අඩ අඩ කුකීව තද කරලා බදාගත්තා.

"මොකද වුණේ සෞම්‍යා?" කොකෝ ඇහුවා.

"මං............... මෙතන............." සෞම්‍යා ගොත ගහනවා බයටම. එයා ටික ටික වුණ හැමදේම කිව්වා.

"මං හිතුවේ ඒ කුකී කියලා" සෞම්‍යා තාම කුකීව බදාගෙන අඩනවා.

"මං පඩිපෙළ ලගනේ පැටියෝ හිටියේ, ඔයාට නින්ද ගියා ම ඇවිත් ඔයාව ආයෙත් කාම්බරේට උස්සන් යන්නයි හිටියේ😁" කුකී සෞම්‍යාව තුරුල් කරගත්තා.

" baby.......... ඔයා......... ඒක දැක්කේ නැද්ද? 😭" සෞම්‍යා නම් හොදටම අඩනවා.

" මට එතනට කිසි දෙයක් පෙනුනේ නෑ බබෝ🥺" කුකී කිව්වෙ සෞම්‍යාගේ අතින් අල්ල ගන්න ගමන්.

" ඒ........ සිංදුව ඇහුනාද? " සෞම්‍යා ආයෙත් ඇහුවා.

" මට එහෙම කිසි දෙයක් ඇහුනේ නෑනේ" කුකීට දැන් හොදටම දුකයි එයාගේ wife මෙහෙම අඩන එකට.

" අදනේ ගෙදරට ආවේ ඔයාට අලුත් තැනක් නිසා එහෙම පේන්න ඇත්තේ" ඒ ජිමින්ශි.

" ඔව්. මාත් මේ ජිමින්ශිව දැකලා බය වුණා😂" ඔයා එහෙම කියලා හිනා වුණේ සෞම්‍යාගේ බය නැති කරන්න.

"එන්න අපි කාම්බරේට යමු" කුකී සෞම්‍යාව එක්කන් කාම්බරේට ගියා.

"ළමයි ඇහැරලාද දන්නේ නෑ. පොඩ්ඩක් බලන්න" ඒ hyong.

" අපි ගිහින් බලමු"එහෙම කියලා කොකෝයි,ජිමින්ශියි ලමයිගේ කාම්බරේට ගියා. එයාලා තාම නිදි. ඉතින් හැමෝම තම තමන්ගේ කාම්බර වලට ගිහින් නිදා ගත්තා.

ඒත් සෞම්‍යා නම් කාම්බරේට ගියත් ඇද උඩ ඉදන් කුකීව බදාගෙන අඩනවා. තාම බය වෙලා.

" ඔයාට මං ඉන්නවානේ"කුකී සෞම්‍යා දිහා දුකෙන් බලලා කිව්වා.

"ඒත් මං දැක්කානේ මට බයයි!" සෞම්‍යා තව ඇඩුවොත් උණත් ගනී වගේ.

"ඒක අමතක කරන්නකෝ ඔය මොන හොල්මනටවත් මගේ වයිෆ් ලගට එන්න දෙන්නේ නෑ. මං දන්නවා ඔයාගේ බය කොහොමද නැති කරන්නේ කියලා" කුකී සෞම්‍යා දිහා ආදරෙන් බැලුවා.

" කොහොමද?" සෞම්‍යා කුකීගේ මුහුණ දිහා බලන් හිටියා.

" මෙහෙම............ "කුකී සෞම්‍යාව කිස් කරා. ඒකට නම් සෞම්‍යාගේ බය නැති වුණා වගේ. ටික වෙලාවකින් ඒ දෙන්නා නිදා ගත්තා. සෞම්‍යා නම් කුකීගෙන් පොඩ්ඩක්වත් ඈත් වුණේ නෑ තුරුල් වෙලාම හිටියා🤭

______________________________________

ඉවරා......... යි ඉවරා......... යි ඒ චැපියත් දුන්නෝ😌
මගේ වැඩේම මටම රොමැන්ටික් සීන් සෙට් කරන එක😂ගනන් ගන්න එපා ඒ මගේ හැටි. ඒ වගෙම මං මගේ ම නම්බුවත් කා ගන්නවා මිත්‍රවරුනි 😂( කන්න නම්බුවක් නෑ තිබ්බ දශමෙත් මගේ මිත්‍ර පරපුර ඩෙවල් දාගෙන කෑවා🙄)

ඊලගේ චැපියෙන් හම්බ වෙමු. ටා ටා බායි😌👋

사랑해 ❤️

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ😌( මොකෝ බලන්නේ😂පලයම් ඉතින්👀)

🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now