3. හැඳින්වීම - description

480 139 1
                                    

හැඳින්වීමත් වැදගත් අංගයක්.

පිටත ගැන නොසලකන දාර්ශනික මිනිස්සු කතාවක් කියවන්න යන්නේ හැඳින්වීම නිසා.

😂

හැඳින්වීම හැම වෙලේම කුතුහලය පිරුණු එකක් බවට පත් කරන්න. 

ඊළඟට මොකද වෙන්නේ කියන අදහස කියවන කෙනාගේ හිතට දෙන්න උත්සාහා කරන්න.

'එක්තරා දිනයක රාත්‍රියේ ඇය අන්ධකාර මාවතක ඇවිද යද්දී ඇගේ පසුපසින් පැමිණි...' 

ඔහොම කුතුහලයකින් ඉතුරු කරන්න.

අනිවාර්‍යයෙන්ම කවුරු හරි කතාව කියවන්න පෙළඹවෙනවා. 

ඩිස්ක්‍රිප්ශන් එකට සිංදුවක් දැම්මත් කමක් නෑ.

ඒත් ඔයා ලියන්නේ සිංහලෙන් නම් පොඩ්ඩක් සිංහලම පාවිච්චි කරන්න බලන්න.

මොකද කතාව ඉංග්‍රීසි කියලා මග ඇරෙන්න පුළුවන් ලංකාවේ අයගෙන්.

මටත් එහෙම දෙක තුනක් මග ඇරිලා තියෙන නිසා අත්දැකීමෙන් කියන්නේ.

ඊළඟට කියවන අයට තහංචි දාන්න එපා.

ඒකෙන් සුළුතරයකට කතාව අප්‍රිය වෙන්න පුළුවන්. 

කියවන්නෙත් නැතුවම.


වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now