5. Language & Writing - ලිවීම සහා භාෂාව

474 132 11
                                    

අර පිටත සේරම මග ඇරලා කතාවට ආවහම මේක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.

පුළුවන් තරම් කතාව ඇතුළත ඉමෝජී පාවිච්චි කරන අඩු කරන්න. මොකද අපි සාමාන්‍යයෙන් පොතක් කියවන් යද්දි අපේ මනස හුරු වෙන්නේ අකුරු වලට.

ඉමෝජියක් දැක්කහම ඒකේ පාටට අවධානය යනවා. එතකොට කතාව ගැන තියෙන ආසාව දශමයකින් හරි නැති වෙනවා.

පාවිච්චි කරන්න ඒත් හැම තැනම එපා.

ලියද්දි ඉංග්‍රීසි සිංහල මිශ්‍ර නොකර ලියන්න පුළුවන් නම්. 

ඉංග්‍රීසි අකුරුයි සිංහල අකුරුයි එකට මිශ්‍ර වුණහමත් අර කලින් කිව්වා වගේ කියවන අය සමහර කොටස් කියන එක මග අරිනවා.

අත්දැකීම් සහිතයි සහා මම ඒක ගොඩක් අයගෙන් අහලා දැනගත්තු දෙයක්.

පිල්ලම් පුළුවන් තරම් නිවැරදිව පාවිච්චි කරන්න.

චැප්ටර් එක නවත්තන තැනට ආවහම කුතුහලයක් දැනෙන තරම් ඉතුරු කරන්න.

එතකොට අනිවාර්‍යයෙන්ම කතාව කියවන කෙනා ඊළඟ චැප්ටර් එක කියවන්න පෙළඹවෙනවා ඊළඟට මොකද වුණේ කියලා දැනගන්න.


වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now