6. Socialize - සමාජගත වීම

459 137 10
                                    

ආ මේක...

මේක කරන විදි දෙකක් තියෙනවා.

කෙනෙක්ට කවදාවත් බල කරන්න එපා ඔයාගේ කතාව ප්‍රමෝට් කරන්න එපා කියලා.

ඒකෙන් එයා ඔයාගේ කතාව කියවන්න හිටියත් අර ඔයා කරපු බල කිරීම නිසා එයාට එපා වෙලා නොකියවා ඉන්න පුළුවන්.

ඒ වෙනුවට කරන්න හොඳම දේ තමයි ඒ කෙනාගේ කතාවක් කියවන්න.

එයාට නෝට් වෙන විදිහට කමෙන්ට් කරන්න.

අනික් අයගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න.

මොකද එතකොට කට්ටිය ඔයාගේ ප්‍රොෆයිල් එක ඔබලා බලනවා මේ මනුස්සයා කවුද කියලා. 

එතකොට අර කලින් කිව්ව කවරය, නම වගේ දේවල් වලට එයාගේ හිත ඇදිලා ගියොත් එයා අනිවාර්‍යනේ ඔයාගේ කතාව කියවනවා.

මිනිස්සුන්ට කිසි‍ම දේකට බල කරන්න එපා,

ඒත් සූක්ෂමව පොළඹව ගන්න.

මම කරලා නැහැ මේක, ඒත්  මේක හරියයි කියලා මට විශ්වාසයි.

මොකද මම සිංහල පොත් කියවපු තරමක් කියෙව්වේ මගේ පොත්වල නිතරම කමෙන්ට් කරපු අයගේ ඒවා.

අවධානය දිනාගන්න සූක්ෂමව.


වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now