8. plot - සැකිල්ල

445 131 8
                                    

කතාවේ සැකිල්ල.

මේක ඇත්තටම අපි හිතනවට වඩා වෙනස් දෙයක්.

සිදුවීම් ගොඩක් ලියන එකයි, කතාව ගැන පැහැදිළි සැකිල්ලක් තියන් ලියන එකයි දෙකක්.

Plot එකක් කියන්නේ දම්වැලක් වගේ එකිනෙකට සම්බන්ධ සිදුවීම් දාමයක් ගැන.

ගහ කැපුවොත් ගහ බිම වැටෙනවා.
බිම වැටුණොත් බිම ඉන්න ගොනා යට වෙනවා.
ගොනා යට වුණොත් ගොනා මැරෙනවා.

ඒ වගේ එකිනෙකට සම්බන්ධයක් ඇති සිද්ධි දාමයට තමයි අපි සැකිල්ල එහෙමත් නැත්තම් plot කියන්නේ.

Plot ගැන කතා කරද්දි trend එකට ලියන අයයි, වෙනස් විදිහට කරන අයයි කියලා කොටස් දෙකක් තියෙනවා.

මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ, පුළුවන් තරම් වෙනස් වෙන්න බලන්න.

මේ දවස්වල කට්ටිය ලියන්නේ මායා කතා නම් ඔයා ලියන්න ඉස්කෝලේ ගැන කතාවක්.

මම කියන්න දෙයක් නෑ.
ඔයත් දන්නවා,
මාත් දන්නවා මිනිස්සු කැමති වෙනස් දේට කියලා.

😅

වෙනස් වෙන්න කියලා ඔයා අකමැති දේ කරන්න එපා.

හිත සැහැල්ලුවෙන් ලියන්න.
ඔයා⁣ අවංක වෙන තරමට කතාවට ආකර්ෂණය වැඩියි.

හේතුව තමයි ඔයා අවංක වෙනකොට කතාව ලියවෙන්නේ අවංක අදහස්වලින්.

තාත්වික බව නිසාම කට්ටිය කතාව කියවනවා.

තවත් එක⁣ දෙයක් තමයි කතාව ලියන්න කලින් පුළුවන් නම් කතාව හිතෙන් හදාගන්න.

සම්පූර්ණයෙන්ම.

එත⁣කොට ඔයාට පැහැදිළි දැක්මක් තියෙනවා මම නතර කරලා රීඩර්ස්ලාව පුදුම කරන්න ඕන මෙතනින් වගේ කියලා.

😉

මම කවදාවත් කතාවක් සම්පූර්ණයෙන්ම හදලා ලියපු මනුස්සයෙක් නෙවෙයි. ඒත් මට අදහසක් තිබ්බා මේක මෙහෙම කරන්න ඕන කියන එක ගැන.

Plot එක ගැන සම්පූර්ණ විශ්වාසයෙන් කතාව පටන් ගන්න.

Good Luck.

වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now